UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රණවිරුවන්ට සෙත්පතා පිරිත් දෙසුමක්

උත්තරීතර කාර්යයක් ඉටු කරමින් දිවි හිමියෙන් කැප වී සිටින අපේ වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පිරිත් දේශනාවට තුන් දහසක් පමණ මහ සඟරුවන සහභාගි වූහ.

ඉතිරිය»

පාලි භාෂාව පාඩම් මාලාව

පාලි භාෂා වරනැගිල්ලට අනුව - මෙම භාෂාව විභක්ති නවයක වරනැගෙයි. මෙම විභක්ති නවය කට පාඩම් කර ගැනීම පාලි භාෂාව ඉගෙන ගන්නා වූ ආධුනිකයන්ට ප්‍රයෝජනවත් ය. එසේ වරනැගෙන විභක්ති නවය නම් ප්‍රථමා, ආලපන, දුතිය, තතියා, කරණ, චතුත්ථි, පඤ්චමී, ඡට්ඨි, සත්තමී ‘විභක්ති’ යනු බෙදෙන අර්ථයෙන් ය. මෙම විභක්ති වනා හී ඒක වචන, බහු වචන වශයෙන් කොටස් දෙකකට බෙදේ. විභක්ති අවශ්‍ය වන්නේ වර නැගීමටයි. මේවායේ වර නගන්නේ ශබ්දයෝ ය. ශබ්ද වනාහි නොයෙක් වැදෑරුම් ය.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

විපත් දුරලන සැබෑ සරණ

සොරකම් කරන්නා සැම විටම බියෙන් හා තැතිගැනීමෙන් පසුවන්නේ සොරකම හසුවෙතැයි යන සැකයෙනි. කාම මිථ්‍යාචාරයේ යෙදෙන්නාට ද එසේය. අපකීර්තිය ලෙඩ රෝග ආදිය ඔහු පසුපස එයි. තැන්පත් සිතක් ඇතිව කටයුතු කිරීම හා මනා සිහියෙන් කටයුතු කිරීම සෑම කටයුත්තකම සාර්ථකත්වයට හේතුවකි. දුර්ගුණයන්ගෙන් යුක්ත වූ විට මිනිසුනට බිය හා තැති ගැනීම් ඇති වෙයි. මනුෂ්‍ය සිත් සතන් තුළ යහගුණ වර්ධනය කිරීම තුළින් සියලු බිය හා තැති ගැනීම් දුරලිය හැකි බව පැහැදිලි වෙයි. එවිට සියලු බිය හා තැතිගැනීම්වලින් විනිර්මුක්ත උතුම් අමා මහ නිවන් සුවය ද ඔබට හිමි වෙයි.

ඉතිරිය»

 

 

ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ -  බුද්ධ ප්‍රතිමා වහන්සේපානදුර ගොරකාන ශ්‍රී ධම්මානන්ද මාවතේ ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ විහාර මන්දිරය ගොඩ නංවා ඇත්තේ වසර 1713 දී ය. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව, දේවාරාධනාව වැනි මෙහි පිටමාලයේ ඇති විශාල සිතුවම් නිර්මාණය කර ඇත්තේ පසුව චාල්ස් ගුරුන්නාන්සේ විසිනි. එම නිර්මාණයන් ඇතුළු පැරැණි වටිනා සිතුවම් සහිත විහාර මන්දිරය මේ වන විට විනාශයට පත්වෙමින් පවතී. අද මුල් පිටුව සරසන්නේ විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය- ජනක වෙත්තසිංහ

වෙසක් අව අටවක පෝය

මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස 17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]