Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විදුරුපොළ පියතිස්ස මහ නා හිමි 54 වන ගුණ සමරුව 9දා

රාජකීය පණ්ඩිත විදුරුපොල සිරිපියතිස්ස මහනාහිමිපාණන් වහන්සේගේ 54 වන ගුණ සමරු පින්කම මෙම 9 වැනි දා පස්වරු 2 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මල්වතු පාර්ශ්වයේ මහනායක, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධ රක්ඛිත මහනාහිමියන් සහභාගි වන එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගිවීමට නියමිත ය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට සහභාගී වීමට නියමිත ය.

විදුරුපොල සිරිපියතිස්ස මහ නාහිමිපාණන් විසින් රචිත ග්‍රන්ථ 24 ක් එළිදැක්වීමද එහිදී සිදු කැරේ. විදුරුපොළ පියතිස්ස මහනාහිමියන් මෙරට පහළ වූ පළමුවැනි ස්වර්ණ ත්‍යාගය දිනූ ප්‍රාචීන පඩිවරයා ද වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.