Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිච්ච මල් පූජාව 20 වන වරටත්

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘’ශාන්ති පදනම” මගින් වාර්ෂිකව අනුරාධපුරයේ පවත්වනු ලබන පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය 20 වන වරටත් 2009 ජුලි මාසයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කරනු ලබන්නේ කමිටු 33 ක සහභාගිත්වයෙනි. ලබන වසරේ පිච්ච මල් පූජා මහොත්සවයට නව කමිටු කිහිපයක් එකතු කිරීමට තීරණය කොට ඇත. එම කමිටු වලට බැඳී සාමාජිකත්වය ලබාගෙන, ශ්‍රම දායකත්වය ලබාදීමට කැමති සුරාවෙන් තොරව ක්‍රියාකළ හැකි කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පින්වතුන් පහත ලිපිනයට තොරතුරු දන්වා එවන්නැයි ඉල්ලීමක් කැරේ.

ලේකම්, පිච්චමල් පූජා කමිටුව, ශාන්ති පදනම, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය, බෞද්ධාලෝක මාවත කොළඹ 7 එම ලිපිනය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.