Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරයට උපහාර පූජා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මාහිමිපාණන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් උපහාර දැක්වීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව උපහාර පූජා මහෝත්සවයක් දෙසැම්බර් 07 වන දින පස්වරු 2.00 ට උන්වහන්සේ වැඩ වසන මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ඒ නිමිත්තෙන් දෙසැම්බර් මස 01 දින සිට 07 වන දින දක්වා වූ සතිය තුල රෝහල් භික්ෂු වාට්ටුවක් විවෘත කිරීම පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂු නේවාසිකාගාරයක් විවෘත කිරීම, රණවිරුවන් උදෙසා රෝද පුටු සියයක් පරිත්‍යාග කිරීම, කුලදරුවන් සියයක් පැවිදි කිරීම, සමරු මුද්දරයක් නිකුත් කිරීම වැනි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.