Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාන්ති පදනමෙන් විශේෂ බෝධි පූජා

මේ දිනවල උතුරේ නිරායුධ ජනතාවගේ රැකවරණය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේ රැඳී සිටින විරෝදාර රණවිරුවන්ට හැකි ඉක්මනින් කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශ ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට ශක්තිය බලය හා උපායශීලී නුවණ ලැබේවායි ප්‍රාර්ථනය කරමින්, විශේෂ බෝධි පූජා මාලාවක් පැවැත්වීමට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ “ශාන්ති පදනම” කටයුතු යොදා ඇත. නොවැම්බර් මස 22 වන සෙනසුරාදා සවස 6.00 ට සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී ආරම්භ කැරුණු මෙම ආශිර්වාද වැඩ සටහන නොවැම්බර් 28 වන දා දක්වා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉහත සඳහන් ආශිර්වාද වැඩ සටහන් මාලාවේ අති උත්කර්ෂවත් වැඩ සටහන නොවැම්බර් 29 වන සෙනසුරාදා සවස 6.00 කළුතර බෝ සමිඳු අබියස පැවැත්වෙන බැවින් සාමය කැමති දේශ මාමක සියලු පින්වතුන්ට ඒ සඳහා සුදු වතින් සැරසී සුවඳ මල් රැගෙන සහභාගීවන ලෙස ‘ශාන්ති පදනමේ’ නිර්මාතෘ කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.