Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආශිර්වාද පූජාවක් 23 දා

ජන්ම දිනය සමරන ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන්වහන්සේට සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට රට සුරකින ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සෙත්පතා සිදු කරන විශේෂ ආශිර්වාද පූජාවක් මෙම 23 වන දා සවස 2.30 ට කොටපොල අමරකිත්ති ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලැබේ. සවස 3.00 විශේෂ උත්සව සභාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නව මහෝපාධ්‍යාය ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේට සහ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මුරුංගාගස්යායේ ඤාණීස්සර නාහිමියන් වහන්සේට උපහාර පිදීමේ උළෙලක් ද පැවැත් වේ. මෙම උළෙලට මහා නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය උතුමන්ලා සහභාගී වීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.