Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

යටිනුවර, මුරුතලාව මංගලාගම ශ්‍රී ජයවර්ධනාරාමාධිපති කඹුරුදෙණියේ සෝමාලංකාර හිමියන් වෙත මහනුවර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ධර්මකීර්ති ශ්‍රී සුමංගල යන ගෞරව නාම සහිත දෙනුවර ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා (25) මංගලගම ගැට්ටපොල ශ්‍රී ජයවර්ධනාරාමයේ දී පැවැත්විණි. එහිදී අභිනව නාහිමියන් වෙත, වැවිලිකර්මාන්ත ඇමැති, දී.මූ. ජයරත්න මහතා විසින් අක්ත පත්‍රය පිරිනැමූ අයුරු.
ඡායාරූපය, උදේනි රාජපක්‍ෂ

මත්තුමගල අභාවප්‍රාප්ත සාම විනිසුරු ජේ.ඒ.ඩී. ජයරත්න මහතා සිහිවීම පිණිස ඒ මහතාගේ බිරිය සහ දූ දරුවන් විසින් මත්තුමගල පරාක්‍රම පාරේ ශ්‍රී බෞද්ධාලෝක විහාරස්ථානයේ ඉදිකරන ලද චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම ජයරත්න මහතාගේ බිරිය වන සුනිලා ජයසිංහ මහත්මිය විසින් සිදු කළ අවස්ථාව. මත්තුමගල ශ්‍රී බෞද්ධාලෝක විහාරාධිපති මාපිටිගම සෝභිත හිමියෝ ද මෙහි වෙති. නිමල් පෙරේරා

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.