Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය

මහනුවර අස්ගිරිය ගෙඩිගේ රාජමහ විහාරයේ කඨින පින්කම වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 08 සහ 09 දෙදින පැවැත්වේ. කඨින වස්ත්‍රය මහනුවර පේරාදෙණිය පාර අංක 97, සේරා ද සොයිසා ගුණානුස්මරණ සදාචාර බෞද්ධ කුලගන සමිති මූලස්ථානයේ සිට සරෝජනී පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරහරෙන් විහාරස්ථානය වෙත ගෙන ඒමට නියමිත ය.

කොළඹ සංඝමිත්තා මාවතේ චන්දි පෙරේරා කැලණිය ගෝනවල හෙක්ටර්, ලිවේරා, රූපා රණසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින පූජෝත්සවය පැවැත්වේ.

 

ගලගෙදර

ගලගෙදර ගුණදාහ රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 10 වනදා පැවැත්වේ. මේ නිමිත්තෙන් 9 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර පසු දින කුල දරුවෙකු සසුන් ගත කිරීමද සිදු කෙරේ.

කොබවක සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම නොවැම්බර් 6 දින ආරම්භ වී 8 වන දින අවසන් වේ. නොවැම්බර් 6 දින රාත්‍රි ධර්ම දේශනාව බණ්ඩාරවෙල අමිතානන්ද හිමි, 7 වන දින සවස 5 ට ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සෙත් පතා අටවිසි බුද්ධපූජා හා බෝධි පූජා පින්කම හෝවින්නේ පඤ්ඤාලෝක හිමියන් විසින්ද 8 වන දින දවල් කප්රුක් පූජාව අර්ධ ශතාධික මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙන අතර රාත්‍රි ධර්ම දේශනාව මාවරලේ භද්දිය හිමියන් විසින් පවත්වනු ලැබේ.

කොහොලාන

වලස්මුල්ල, කොහොලාන පුරාණ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 09, 10 න දිනයන්හිදී පැවැත්වේ.

බෝවිල

වලස්මුල්ල, පහල, බෝවිල පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පූජාව නොවැම්බර් මස 10 –11 යන දිනයන්හි දී පැවැත්වේ.

 

දෙබොක්කාව

මිද්දෙණිය දෙබොක්කාව ශීල ථූපාරාම විහාරස්ථානයේ කඨින මහා පින්කම නොවැම්බර් මස 06, 07 දෙදින තුළ පැවැත්වේ.

වෑපතන

ගොමගොඩ වෑපතන ශ්‍රී බෝධිඥාන ධර්මායතනයේ කඨින පින්කම මෙම මස 04 සහ 05 යන දිනවල පැවැත්වේ. පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමියන්ගේ අනුශාසනා පරිදි මඬකුඹුරේ ජිනසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පුණ්‍යෝත්සවයේ දී 04 වැනි දා රාත්‍රී මල් පහන් පූජාවෙන් පසු මහ පිරිත් දේශනයක් පැවැත් වේ. 05 වන දින අලුයම කඨින වස්ත්‍රය රැගත් පෙරහර යාපා ගුණරත්න මහතාගේ නිවසේ සිට ආරම්භ කැරෙන අතර දහවල් සංඝගත දක්‍ෂිණාවෙන් පසු කඨින චීවරය පූජා කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.