Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු - පාලි සරසවි නව මහෝපාධ්‍යාය  ඉත්තදෙමලියේ හිමි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නව මහෝපාධ්‍යාය ලෙස කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියෝ පත් වෙති.

විශ්ව විද්‍යාල පාලක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් (29) සිට මෙම පත්වීම සිදු කරන ලදී.

උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම පන්ති සාමාර්ථයෙන් මූලික උපාධිය අවසන් කොට ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධිය ලැබීමෙන් අනතුරුව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස අධ්‍යාපන ගුරු සේවයට එක්වූහ. බෞද්ධ දර්ශනය පිළිබඳ පර්යේෂණාත්මක නිර්මාණයන් එළිදැක්වීමෙන් උන්වහන්සේ ජපානයේ රිස්සො විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළහ.

සිංගප්පූරුව, ඉන්දුනිසියාව, ඇමරිකාව, එංගලන්තය, තායිලන්තය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, මියන්මාරය, මැලේසියාව ආදී රටවල ධර්මප්‍රචාරක කටයුතු මෙන්ම ඉංගී‍්‍රසි මාධ්‍ය තුළින් බෞද්ධ දර්ශනය පිළිබඳ දේශකයකු ලෙස ආගමික හා අධ්‍යාපන සේවාවන් රැසක් උන්වහන්සේ සිදුකරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.