Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නොවැම්බර් 1 දා සිට 2009 ජනවාරි 9 වැනි දා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ඒ නිමිත්තෙන් නොවැම්බර් 1 දා සිට 2009 ජනවාරි 2 වැනිදා දක්වා දිනපතා රාත්‍රී 7 ට ධර්ම දේශනාමාලාවක් පැවැත්වෙන අතර, ජනවාරි 3 දා සිට 6 වන දා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වේ. 7 වැනි දා රාත්‍රී 8.30 ට උඩමළුවේ පෙරහරද, 8 දා රාත්‍රී 08.30 ට දෙවැනි වීථි පෙරහර ද, 9 වැනි දා රාත්‍රී 9 ට මහ පෙරහර ද පැවැත්වේ.

නොවැම්බර් 6 වන දා උයන්වත්තේ ඤාණාලෝක හිමි නොවැම්බර් 7 වැනි දා පිටගල මෙත්තානන්ද හිමි, 8 දා ආචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි, 9 දා නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 10 දා හොරපේ ඤාණ විමල හිමි, 11 දා ගෝනදෙණියේ පඤ්ඤාරතන හිමි, 12 දා පස්වරු 3 ට දැදිගම තිලකවංස හිමි, 12 දා පිටිගල විජිත යන හිමිවරු දිනපතා රාත්‍රී 7 ට ධර්ම දේශනා පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.