Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීදුවේ සුමනවංස හිමියන්ගේ සසුන් දිවියේ 37 වන වසර සමරා කැලණියේ දී පින්කම්

සීදුව රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා ගම්පහ දිසා සහ කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනා රක්ෂ බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති පණ්ඩිත සීදුවේ සුමනවංස හිමියන්ගේ පැවිදි දිවියට 37 වසරක් සපිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක් සිදු කැරේ.

ඒ නිමිත්තෙන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ලක් රජයටත් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් මානුෂීය ක්‍රියාන්විත මෙහෙයුමේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා හා පොලිස් විශේෂ කාර්ය බලකායේ වීරෝදාර රණවිරුවන්ටත් ආශිර්වාද පැතීමටත් රට වෙනුවෙන් දිවි පිදු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට පින් පැමිණවීමටත් ලක්වැසි සැමට සෙත් පැතීමත් රටට සාමය හා සෞභාග්‍යයද ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද අධිෂ්ඨාන අටවිසි බුද්ධ පූජා හා බෝධි පූජා පින්කමක් මෙම 31 වනදා සවස 4 ට ඓතිහාසික කැලණි රජමහා විහාරයේදී පැවැත්වේ.

එම බෝධි පූජාමය පින්කම බොරැල්ලේ අතුල නාහිමියන් විසින් මෙහෙයවනු ලැබේ. එම පින්කම් මාලාවට ගිහි පැවිදි ප්‍රභූන් හා රණවිරුවන්ද සහභාගි වීමට නියමිතය. සුමනවංස හිමියන් ප්‍රදේශයේ දහම් පාසල් කීපයක ප්‍රධානාචාර්ය ධූරය උසුලන අතර ප්‍රදේශයේ ආගමික සාමාජික හා පොදු සේවාවන්හි ප්‍රධාන පැවිදි අනුශාසක ධූරය ද දරන හිමිනමක් වේ. උන්වහන්සේ උභය විහාරාධිපති රද්දොළුවේ අමරවංශ නා හිමියන්ගේ කණිටු ශිෂ්‍යයෙකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.