Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ් 144 වන ජන්ම සමරුව ඉන්දියාවේ චෙන්නායිහිදී උත්සවාකාරයෙන් සිදු කැරිණි. චෙන්නායි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති එම උත්සවය ශ්‍රී ලංකා ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය උපදේශක ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් හා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා සහ ශ්‍රී ලංකා බැතිමත්හු ද, ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් ද සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එවා තිබූ ශුභාශිංසන පණිවිඩය අනගාරික ධර්මපාල පදනමේ සභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා විසින් එහිදී ඉදිරිපත් කරන ලදී. එහිදී පැවැති බුද්ධ පූජා පින්කමට සහභාගිවූ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහූ සහ අමුත්තන්ගෙන් කොටසක් සේයාරුවේ වෙති.
කීරවැල්ලේ මොහාන් වික්‍රමසිංහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.