Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහලකොටුවේ විමලධම්ම හිමියෝ

මාතලේ දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේකම් ධූරයට

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පදවියට මාතලේ කොටුවේගෙදර සුදර්මෝදය විහාරාධිපති එම විහාරස්ථ විද්‍යාරත්න පිරිවෙන් කෘත්‍යාධිකාරී මහලකොටුවේ විමලධම්ම හිමියෝ පත්වී සිටිති.

මාතලේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ වසර දහයක් ලේඛකාධිකාරී තනතුර දැරූ විමලධම්ම හිමියෝ කොටුවේගෙදර විහාරස්ථානයේ ශ්‍රී විමල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරයත් මාතලේ පුණ්‍ය වර්ධන සමිති භාරකාර මණ්ඩලයේ උපසභාපති තනතුරත් හොබවති. ප්‍රදේශයේ ආගමික, සංස්කෘතික සාමාජික හා බෞද්ධ අධ්‍යාපනික සංවිධාන සහ සමිති සමාගම් රැසක විවිධ තනතුරු දරමින් ශාසනික ජාතික හා ආගමික සේවාවක් ඉටු කරන විමලධම්ම හිමියන්ගේ සේවාවන් අගය කරමින් අධිකරණ අමාත්‍යාංශය උන්වහන්සේට සමස්ත ලංකා සාමදාන විනිශ්චයකාර පදවියත් පිරිනමා ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.