Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි ගුණ සමරුව

අපවත් වී වදාළ මහාචාර්ය වරකාවේ ධම්මලෝක හිමිපාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මෙම 22, 23 දියන්හි මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ දී පැවැත්වේ.

නාථදේවාල විහාර කඨින පින්කමට සමඟාමීව පැවැත්වෙන වරකාවේ ධම්මාලෝක හිමි ගුණ සමරු පින්කම ධම්මාලෝක හිමියන් අස්ගිරි මහා විහාරයීය කාරක මහ සංඝ සභාවේ ලේඛකාධිකාරි වශයෙන් මහා විහාර පාරම්පරාවේ ශාසනික, ජාතික හා බෞද්ධ අධ්‍යාපනික දියුණුව උදෙසා සිදුකරන ලද සේවයත්, මහා සංඝරත්නයේ චිරස්ථිතිය වෙනුවෙන් ලබාදුන්් මාර්ගෝපදේශකත්වයත් අගයමින් සිදු කෙරේ.

පුවත්පත් සඟරා හා පුවත් අතිරේක වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය හා පුරා විද්‍යාත්මක ලිපි සැපයීමෙන් එම විෂයන් සම්බන්ධව පාඨකයන් වෙත දැනුම් සම්භාරයක් ලබාදුන් ධම්මාලෝක හිමියන් විචාරකයකුª මෙන්ම ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසද ගිහිපැවිදි සමාජයේ ගෞරවාදරයට ලක්ව වැඩ සිටියහ.

දළදා වහන්සේ හා බැඳුන ශ්‍රී දළදා මළිගාවත් එහි පැරැණි සම්ප්‍රදායත් පිළිබඳවත් ධම්මාලෝක හිමි ලියන ලද ශාස්ත්‍රිය ලිපි ලේඛන, සකස් කළ පුවත්පත් අතිරේක සිය දහස් ගණනකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.