UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම

 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝම්බර් 17, 18 දිනවලදී පැවැත්වේ. ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනැමෙන අමුතු මුල් තැන් බුද්ධ පූජාව සහ කප්රුක් සහිත කඨින චීවර පූජාව සහ මල්වතු අස්ගිරි අතිගරු මහානායක, අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන අට පිරිකර සහිත සංඝගත දක්‍ෂිණාවක් මෙම පින්කමට ඇතුළත් වේ.

ඉතිරිය»

ඉංගී‍්‍රසි පාලකයන්ගෙන් බුහුමන් ලද ශ්‍රී දළදා වහන්සේ

 

බුදුරජාණන් වහන්සේගේ වම් දළදාවහන්සේ (ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය, මහාචාර්ය වල්පොල රාහුල හිමි 332 පිටුව) අප රටට වැඩම කරවීම සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්තය නොදන්නා කෙනෙකු නැති තරම් ය. ඉන්දියාවේ කාලිංග දේශයේ රජතුමා සතු රාජකීය වස්තුවක් වශයෙන් සලකන ලද දළදා වහන්සේ, එරටට එල්ල වූ සතුරු ආක්‍රමණයන් නිසා එහි ආරක්‍ෂාව සඳහා හේමමාලා, දන්තකුමාර යන රාජකීය දූතයන් අත ලංකාවට එවීය. ඉතා අනාරක්‍ෂිත දුෂ්කර ගමනකින් පසුව මේ කුමරා හා කුමරිය කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරි මෙවන්) රජතුමාගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී ලංකාවට පැමිණියහ. අතිවිශිෂ්ට මෙම පූජනීය වස්තුව ගෞරව බහුමානයෙන් පිළිගත් රජතුමා දෙවනපෑතිස් රජු විසින් කරවන ලද ධම්මචක්ක නම් විහාර මන්දිරයෙහි තැන්පත් කොට පුද පූජා කරන ලද බව මහාවංශයෙහි සඳහන් වේ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

‘මී පැණි’ අමිහිරි වන හැටි

පුහුදුන් මිනිසාගේ ආධ්‍යාත්මය, මෛත්‍රිය - කරුණාව පරිත්‍යාගශීලි බව ආදී සත්ගුණයන්ගෙන් පිරී ඇත්තා සේම වෛරය, ඊර්ෂ්‍යාව, මානය, ලෝභකම ආදී ක්ලේශයන්ගෙන් ද පිරී ඇත්තකි. ක්ලේශ ප්‍රහාණය නොලත් පෘථග්ජන සත්වයාගේ ස්වභාවය ස්වකීය සිත, කය, වචනය මගින් විවිධ හේතු සාධක පදනම් කොට ගෙන කුසල අකුසල කර්ම සිදු කිරීමයි. සත්ත්වයන් විසින් සිදු කරනු ලබන කර්ම විපාක සහ ගත බවට පත්වනුයේ චේතනාව පවත්නා ස්වභාවය අනුව බව බුදුදහම අවධාරණය කරයි.

ඉතිරිය»

 

නාගිත කුමරු බුදුරදුන් වෙත ගොස් දහම් ඇසීම: විපස්සී බුදුරදුන් වැඩ සිටින කල තමන් විසින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත කරන ලද කඨින චීවර දානයකින් සුවිශේෂ අනුසස් ලද නාගිත කුමරු - එම පුණ්‍යානුභාවයෙන් මෙහෙයවනු ලැබ, ගෞතම බුදුරදුන් වෙත වප් පොහොය දිනක පැමිණ දහම් අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි විය. නාගිත කුමරු බුදුරදුන් වෙත පැමිණ නමස්කාර කළ අයුරු සිතුවමෙන් දැක්වෙයි.

සිතුවම - සරත් නන්ද කුමාර

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]