Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතලේ විජයතිලකාරාමයේ දී ඖෂධ පූජාවක්


මාතලේ විජයතිලකාරාමාධිපති ශ්‍රාස්ත්‍රවේදී හරංකාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වස් පින්කම දේශීය ඖෂධ පූජාවට මුල් තැන දී පැවැත්වේ. ඉකුත් ඇසළ පෝදා සිට ඉල්පුන් පෝදා දක්වා දින 120 ක් පුරා සෑම දිනකම දේශීය ඖෂධයකින් පිළියෙළකරගත් ගිලන්පස පූජාවක් පැවැත්වීම එහි විශේෂත්වය වේ. වස්සාන කාලය තුළ සෑම දිනකම ඖෂධ ගිලන්පස හා මල් පහන් සහිත බුද්ධ පූජාව පවත්වා සවස 6 ට සෙත් පිරිත් දේශනාවක්ද පැවැත්වේ.

එම පින්කම් මාලාව අවසාන කෙරෙනුයේ නොවැම්බර් මස 15 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී සිදුකෙරෙන ඖෂධ වර්ග 120 සහිත මල් පහන් ගිලන් පස පූජාව සහ රුවන්වැලි සෑරදුන් වටා, අඩි 5 ක් උස කප්රුක් පූජා කිරීමෙනි.

එම පින්කම සිදු කෙරෙනුයේ ශ්‍රී විජයතිලකාරාමයේ වස්සාන සදහම් සංවිධාන කමිටුව මගිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.