Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු පුතු මවුපිය උපහාර උළෙලක් අලව්වේ දී


අලව්ව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථාන හැට පහක් මුල්කරගෙන බුදුපුතු මවුපිය උපහාර පිදීමේ උත්සවයක් අලව්වේ දී පැවැත්වීමට අවශ්‍ය මූලික සාකච්ඡාවක් පසුගියදා අලව්වේ දී පැවැත්විණි.

එම බුදුපුතු මවුපිය උපහාර උළෙල අලව්වේ නුගවෙල සෝනුත්තර විහාරස්ථානයේ දී නොවැම්බර් මස 15 වන දා පැවැත්වීමට තීරණය කැරිණි.

අලව්ව ශ්‍රී පුෂ්පාරාමයේ සිට මහා සංඝයා වහන්සේ තම මවුපිය දෙදෙනා සමග පෙරහරින් සෝනුත්තර විහාරස්ථානය දක්වා වැඩමවා ගෙන යනු ලැබේ. ඊට වැඩම කරන මහා සංඝරත්නය උදෙසා දවල් දානයද ගිහි පිරිසට දිවා ආහාරයද සැපයේ. උපහාර උළෙල සංවිධානය කිරීම සඳහා නුගවෙල ශ්‍රී සෝනුත්තර විහාරාධිපති පණ්ඩිත කෝන්වැවේ සිරිසුමන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධායක කමිටුවක්ද පත්කර ගන්නා ලදී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.