Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරය

මනරම් වෙල් යායකින් වට වූ සුන්දර කඳු ගැටයක් මත පිහිටි බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරය වසර එකසිය පනස් තුනක් පමණ පැරණි අති පූජනීය සිද්ධස්ථානයකි.

බෝධිසත්ව ගුණෝපේත අති පූජ්‍ය මහෝපාධ්‍යාය බෝම්බුවල ශ්‍රී දස්සනසාර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය එදා සිට අද දක්වා ප්‍රදේශයට හා රටට විශාල ශාසනික සේවයක් ඉටු කරන ස්ථානයකි.

වසර 119 කට ප්‍රථම ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ ද වසර 107 කට ප්‍රථම ඉදි කරන ලද විහාර මන්දිරය ද මෙම විහාරයේ කැපී පෙනෙන අංග අතර වෙයි. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ගුරුකොට ගනිමින් නිමවා ඇති විහාර මන්දිරය අතිශයින් දැකුම්කළු ය. 1952 වසරේ දී ශ්‍රී දස්සනසාර නමින් පිරිවෙනක් ද මෙම විහාරයේ ආරම්භ විය. එය විවෘත කොට ඇත්තේ එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසිනි.

උදාර ලෝක ශාසනික මෙහෙවරක නිරත වූ පූජ්‍ය බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක අධිකරණ නායක හිමි, ගිරිකොළ ධම්මාලංකාර හිමි, බෝම්බුවල විමලවංශ හිමියන් ඇතුළු ස්වාමිපාදයන් වහන්සේලාගෙන් පෝෂිත වූ මෙම පින් භූමියේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ ශාස්ත්‍රපති හල්වතුරේ අස්සජි හිමියන් විසිනි.

උන්වහන්සේගේ කැපවීම හා උත්සාහය මත විහාරස්ථානය ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර බෝම්බුවල නම් වූ විශාල ගම් පියසට ධර්ම ඥානය බෙදා දෙන බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසට ද පත් වී ඇත.


බුදු පිළිම වහන්සේ

බෝධීන් වහන්සේ

පැරැණි චිත්‍රයක්

 තෙමහල් ධර්ම ශාලාව

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.