Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවිල නිකිණි මහා පින්කම

සේරුවිල මංගල රජ මහා විහාරයේ නිකිණි මහා පින්කම එම විහාරාධිපති නැගෙනහිර තමන්කඩ දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 6 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වේ.

බුදුරජාණන් වහන්සේගේ ලාලාඨ ධාතුන් වහන්සේ තැන්පත් කර කාවන්තිස්ස මහරජතුමා සේරුවිල මහ සෑ රදුන් ඉදිකරවන ලදී.

ලලාඨ ධාතූන් වහන්සේට උපහාර පිදෙන සේරුවිල මංගල රජ මහා විහාරයේ නිකිණි මහා පින්කම මෙවර සිදු කැරෙනුයේ 85 වන වතාවටය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැගෙනහිර මුදා ගැනීමෙන් පසු පැවැත්වෙන පළමු නිකිණි පෙරහැර මෙය වන අතර අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සේරුවිල ලෝක උරුමයක් දක්වා අද සේරුවිල ලෝක ව්‍යාප්තියට පත්ව ඇතැයිද ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ පුරෝගාමීත්වයෙන් මෙවර පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද සරණකිත්ති නාහිමියෝ පවසති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.