Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටියේ දළදා පෙරහර

වාද්දුව තල්පිටියේ ශ්‍රී දළදාවත්ත මහා විහාරයේ 75 වන ශ්‍රී දළදා උපහාර පෙරහර අගෝස්තු මස 30 දින රාත්‍රී 7.30 ට වීදි සංචාරය කැරේ.
විහාරාධිපති තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි තල්පිටියේ චන්දරතන, විහාරවාසී තල්පිටියේ ධම්මරතන යන හිමිවරුන්ගේ ද විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය විහාරස්ථ හේමමාලා කුළඟන සමිතිය, ධර්ම දේශනා සංසදය තරුණ අධ්‍යයන කවය ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සංවිධායකත්වයෙන් එම පූජෝපහාර උත්සවය පවත්වන අතර පානදුර ප්‍රාදේශීය සභාව වාද්දුව පානදුර පොලිස් ස්ථාන සහ රාජ්‍ය ආයතනවල සහ ව්‍යාපාරික ජනතාවගෙන් ඊට සහයෝගය ලැබේ.
 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.