Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානයේ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාර මන්දිරය


අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවලින් කොටසක්

ඓතිහාසික අනුරාධපුර ඉසුරුමුණි පාරේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාර මන්දිරය දකින සැදැවතුන් තුළ ශ්‍රද්ධා ගෞරවය උපදවන මධ්‍යස්ථානයක් අභිනවයෙන් ඉදිකර ඇත.


අග්‍ර ශ්‍රාවිකාවන්ගේ ප්‍රතිමාවලින් කොටසක්

එම පූජනීය විහාර මන්දිරය නිර්මාණය කර ඇත්තේ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති කල්‍යාණි සාම ශ්‍රී ධර්ම සංඝ සභාවේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය කම්මට්ඨාන විශාරද ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමියන්ගේ සංකල්පයක් අනුවය. ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස වැඩ සිටි ශ්‍රාවක පිරිස් අතර සුවිශේෂ වූ කුසලතා පිරි ඒ ඒ ශ්‍රාවකයන් වහන්සේලා හඳුනාගෙන අවශ්‍ය හා එක් එක් විෂයන් වලට අවබෝධයන්ට අනුව තනතුරු පිරිනැමීමක් සිදු කරමින් එම ශ්‍රාවකයන් වහන්සේගේ හැකියාවන් අගය කිරීමක් සිදු කැරිණි.

එසේ අග්‍රස්ථාන තනතුරුවලට පත් ශ්‍රාවක භික්‍ෂූ පිරිස් අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමින් හැඳීන් වූ බව අපේ බෞද්ධ ඉතිහාසය පැහැදිලි කර දෙති. ඒ අනුව සම්බුදු රජාණන් වහන්සේ ගේ අනුශාසනාවකට අසූමහ ශ්‍රාවකයන් වහන්සේ සවන් දෙන අයුරින් සියැසින් බලා ශ්‍රද්ධා ගෞරවය උපදවා පුද පූජා පවත්වා පින් සිදුකර ගැනීමට උචිත අයුරින් එය නිර්මාණය කර තිබීම සුවිශේෂ ලක්‍ෂණයකි. එම ප්‍රතිමා වහන්සේලා ජීවමාන මිනිස් ප්‍රමාණයෙන් යුක්තය. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් සභිය මහරහතන් වහන්සේ දක්වා එසේ ප්‍රතිමා නිර්මාණය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.