Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්මීමන-රණවිරු ආශීර්වාද පූජා පින්කමක්

අක්මීමන කපුගෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාමයේ පැවැත්වෙන රණවිරු උපහාර බෝධි පූජා පින්කම් මාලාව දැනට වසර තුනකට අධික කාලයක් තිස්සේ සතියේ සෑම සෙනසුරාදා දිනකම රාතී ‍්‍ර 7 .00 ට පැවැත්වේ.

ගාලු දිස්ත්‍රික් රණවිරු ආශීර්වාද ප්‍රජා කමිටුවේ ප්‍රධාන අනුශාසක විහාරවාසී ඕපාත සද්ධානන්ද හිමියන්ගේ සංකල්පයක් වන රණවිරු පූජාව යුද්ධය අවසන් වන තුරුම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති අක්මීමන සුධම්ම හිමි, විහාරාධිකාරී හිනිදුම චන්දානන්ද, ගොරවල ආනන්ද හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් මෙම බෝධිපූජා පින්කම් මාලාව සිදුකෙරේ.

ජනපතිතුමන්, හමුදාපතිතුමන් ඇතුළු ආරක්‍ෂක අංශයන්ටත්, රජයටත් රටවැසි සැමටත් ආරක්‍ෂාව මෙන්ම තුනුරුවනේ ආශිර්වාදය ලබාදීමද මෙහිදී සිදුකෙරෙන බව ඕපාත සද්ධානන්ද හිමියෝ පවසති.

බූස්ස සහ ගාල්ල ගැමුණු බලකායේ රණවිරුවන්, අක්මීමන පොලිසියේ නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ද ගාල්ල නාවික හමුදා රණවිරුවන්ද වරින්වර පැමිණ මේ ආශිර්වාද පින්කමට එක්වෙති.

ආශිර්වාද පින්කම් කමිටුව, විහාරස්ථ දායක සභාව, පන්සලකන්ද තරුණ පෙල, කැරුන්විල කාන්තා සමිතිය කජුගෙපල ග්‍රාම සංවර්ධන සමිතිය වැනි සංවිධාන මෙම රණවිරු උපහාර පින්කම් මාලාව සාර්ථක කිරීමට උරදී සිටිති.

දකුණු පළාත් සභා මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති මිලින්ද හපුතන්ත්‍රි, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අමිල නුවන්, පි‍්‍රයන්ත ගුණසේකර, ලක්‍ෂමන් හේවගේ, බෝපේ පෝද්දල විපක්‍ෂ නායක එම්. පී. දහනායක වැනි ජනතා නියෝජිතයන් ද මෙම රණවිරු ආශිර්වාද පින්කමට කැපවීමෙන් යුතුව සහාය දක්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.