Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කැන්දලියද්දපාලුව ජයකොඩි මහා විද්‍යාලයීය විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන්ගේ සාරධර්ම සංවර්ධනයත්, ඔවුන්ගේ සිත්වල පහන් සිතුවිලි ජනිත කරවීමත් අරමුණු කරගෙන පසුගියදා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම් දොරටුව අබියසදී තැන්පත් කරවූහ. ඒ සදහා අවශ්‍ය බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝනවල තලවත්තේ උපුල් කුමාර වීරසේකර මහතාගේ් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබාදී ඇත. බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම නිමිත්තෙන් විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් දෙමවුපියන්ගේද සහයෝගය ඇතිව මහා සංඝරත්නය විද්‍යාලයට වැඩම කරවා දවස පුරා දාන, ශීල, භාවනා ආදී පින්කම් පවත්වන ලදී. විද්‍යාලයීය බෞද්ධ සංගමයේ පැවිදි අනුශාසක සන්නස්ගම බුද්ධපිය හිමියන්ගේ මග පෙන්වීම හා විදුහල්පති ඩබ්ලිව්. එම්. පී. වාසල මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය විසින් එම පින්කම සංවිධානය කරන ලදී.

අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය සීදුව රද්දොළුව සුබෝධාරාම විහාරස්ථ අත්තනගලු ඔයේ සීමා මාලකයේ දී සිදු කැරිණි. එහිදී විහාරස්ථ සාමණේර භික්‍ෂූන් වහන්සේ 30 නමක් පමණ උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය. එම සාමණේරයන් වහන්සේ සීමාමාලකය වෙත වැඩම කළ අයුරු. ඡායාරූපය- සීදුව සමූහ, නිශ්ශංක පියරත්න

ඉතාලියේ මිලානෝහි ලංකාරාම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දක්‍ෂතා අගයමින් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණ. එහි දී දිවියාගහ යසස්සි නා හිමියන් ගේ ප්‍රධානත්වයෙන් දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය සිදු කැරිණි. අනතුරුව සිසු දරු දැරියන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.

ඇතුල්කෝට්ටේ තන්ත්‍රී මාවත තරුණ කැල සංවිධානය කළ ඇසළ බත් දන්සැල පසුගිය දා පැවැත්විණි. පෞද්ගලික ධන පරිත්‍යාගයකින් එම දන්සැල තන්ත්‍රී මාවතේ දී සිදු කැරිණි.
ඡායාරූපය-නිරන්ජන් කොන්තසිංහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.