Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙවිනුවර ඇසළ උත්සවය

දෙවිනුවර වාර්ෂික ඇසළ මහෝත්සවය අගෝස්තු මස පළමු සතියේ සිට අවසන් සතිය දක්වා පැවැත් වේ. කප් සිටුවීම අගෝස්තු 1 වන දා සිදු කැරිණි.

ප්‍රථම පේළි පෙරහර 10 වන දිනද මහා පෙරහර 16 වන පොහෝ දිනද පැවැත්වේ. දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය 23 වන සෙනසුරාදා පැවැත්වේ. දේවදානය 24 වන දා සිදු කැරේ.

මේ සියලු කටයුතු බස්නායක නිලමේ කාංචන විජේසේකර මහතා, ප්‍රධාන කපුමහතා වන ආර්.තේන බදු මහතා ද ඇතුළු පෙරහර කමිටුව මෙහෙය වන අතර සියලු අනුශාසනා දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරාධිපති දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් වෙතින් සිදු කැරේ. වෙළඳ සල්පිල දින 7 ක් පුරා පැවැත්වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.