Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දෙමටගොඩ, බේස්ලයින් මාවත, අංක 51/54 දරන නිවසේ පදිංචි කේ.ඩී. ප්‍රසාද් පි‍්‍රයංකර තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර දැනට සතියකට දෙවතාවක් ලේ පිරිසුදු කිරීමේ කාර්ය සිදු කරයි. ඔහුට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශ කර ඇත. වකුගඩු සැත්කමට විශාල මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇත. ප්‍රසාද් පි‍්‍රයංකර තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලීමක් කැරේ. හැටන් නැෂනල් බැංකුව දෙමටගොඩ ශාඛාවේ 02 –1168601 – 2 දරන ගිණුමට ආධාර යොමු කළ හැකි බවත්, දුරකථන අංකය 2678900 විමසිය හැකි ය.

-------------------------------------------------------------

හුන්නස්ගිරිය, නුගේතැන්න නැගෙනහිර, 186 නිවසේ පදිංචි ආර්.එම්. ටී.බී. රත්නායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, මොහුට ඉතාමත් ඉක්මනින් “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි ද ඒ සඳහා පහත සඳහන් දුරකතන අංක වලට අමතන ලෙසද (060 2808817, 0779 467997, 071 3383525) වකුගඩු සැත්කම සඳහා ආධාර මුදල් උඩදුම්බර ලංකා බැංකුවේ ගිණුම් අංක 6555322 යන ගිණුමට බැර කරන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි.

-------------------------------------------------------------

කඩුගන්නාව, ඉලුක්වත්ත, කෝට්ටෙගොඩ උද්‍යානයේ අංක 219/4 ස්ථානයේ පදිංචි 45 වියැති දෙදරු පියකු වන සජීව නාලින්ද ඒකනායක මහතාගේ වකුගඩු දෙකම දරුණු ලෙස අක්‍රීය වෙමින් පවතින බවත්, ඒ සඳහා වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවත් මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන්වහන්සේ නමක් හෝ සිල් මාතාවක් හෝ පරිත්‍යාගශීලියෙක් වේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ. 081 –2571072, 0777 – 842401 දුරකථන අංක වේ.

-------------------------------------------------------------

කැලණිය, ගොම්ස් මාවතේ අංක 64/2 ස්ථානයේ පදිංචි ඩී.ආර්.ඊ. ප්‍රනාන්දු මහත්මිය වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසති. “ බී පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට නැමැති පින්වතෙක් සිටි නම් ඉහත ලිපිනයට හො පහත දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 011 – 2919747.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.