Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංතින්ද්‍රිය හිමියන්ට කථික තරග මුල් තැන

2008 ජාතික පිරිවෙන් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා පිරිවෙන් ආයතනවල විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක විය. ඒ අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ද සියලු පිරිවෙන්වල ශිෂ්‍යයින් අතර කලාප මට්ටමින් කථික තරග පවත්වනු ලැබී ය.

එහිදී ඇඹිලිපිටිය කලාපයේ කාවන්තිස්ස රාජමහා විහාරස්ථ ශ්‍රී සුමනතිස්ස මූලික පිරිවෙන නියෝජනය කරමින් ඉදිරිපත් වූ කටුවන සංතින්ද්‍රිය හිමියෝ ප්‍රථම ස්ථානය ලබාගැනීමට සමත්වූහ.

ශාසනික වත් පිළිවෙත් රකිමින් හෙල්ලල දක්‍ෂිණ රාජමහා විහාරස්ථානයෙහි වාසය කරන සංතින්ද්‍රිය හිමියෝ හෙල්ලල නන්දරතන හිමියන්ගේ ශිෂ්‍යයෙකි. එවැනි කුඩා පිරිවෙන් ආයතනයකින් මෙවන් දක්‍ෂයකු බිහිවීම භාග්‍යයක් කොට සලකමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.