Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිණ්ඩපාත දානමය පින්කමක් ලේක්හවුස් ඉදිරිපිට දී

පිඬු සිඟා වැඩි භික්ෂූන් වහන්සේ සියක් නමක් උදෙසා 16 වන දා පෙරවරුවේ ලේක්හවුස් ආයතනය ඉදිරිපිටදී එම ආයතනයේ සේවක සේවිකාවෝ දන් පිළිගන්වූහ. ලේක්හවුස් පාලන අධිකාරිය හා එම බෞද්ධ සංගමයේ මෙ හෙයවීමෙන් පැවැති මෙම දානමය පින්කම සඳහා දානමය ද්‍රව්‍ය එම ආයතනයේ සේවක පිරිස් ගෙනැවිත් තිබිණි.

එම අවස්ථාවට සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය, සමාගමේ නීති අධ්‍යක්‍ෂක රසාංග හරිස්චන්ද්‍ර මහතා, ප්‍රධාන පරිපාලක නිලධාරි රෝහණ ආර්යරත්න මහතා ඇතුළු ලේක් හවුස් ආයතනයේ සේවක සේවිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

එම පිණ්ඩපාත චාරිකාව 16 වන දා පෙරවරු 9.00 ට කොටුව සම්බුද්ධාලෝක විහාරයෙන් ආරම්භ වූ අතර මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගලධාරි හෝටලය, ශ්‍රී ලංකා මහ බැංකුව , ලංකා බැංකු මූලස්ථානය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, ස. තො. ස., ලක්සල, කොමර්ෂල් බැංකුව සම්පත් බැංකුව, කොටුව පොලිසිය, නිවාස සංවර්ධන අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන බංකු මූලස්ථානය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන වෙත පැමිණ ලේක් හවුස් ආයතනයෙන් නැවත සම්බුද්ධාලෝක විහාරය කරා ගමන්කරන ලදී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.