UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

‘එංගලන්තයේ බුද්ධාගමට සියවසයි’

 

චාල්ස් හෙන්රි ඇලන් බෙනයට් නමැති ඉංගී‍්‍රසි ජාතික මහත්මයකු බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්ව ධර්ම ප්‍රචාරය සඳහා එක්සත් රාජධානියට පැමිණීම සිදුවූයේ 1908 අප්‍රේල් මස 23 දිනදීය. එය සිදුවී 2008 වර්ෂයට ශත වර්ෂයක් සම්පූර්ණ වේ.

ඉතිරිය»

යුරෝපයේ බොදු පුබුදුව

 

මාස ගණනක් පුරා එක කොළයක් වත් නොවූ තුරු ලතා සූර්යාලෝකයෙන් හිනැහෙන්නේ ගතටත්, හිතටත් චමත්කාරයක් නංවමිනි. ගසක් යට ඉපදී, ගසක් යට බුදු වී, ගසක් යට පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් ජීවන ප්‍රතිපදාවම මේ මනරම් ස්වභාව ධර්මය සමඟ කෙතරම් අපූරුවට සම්මිශ්‍රණය වී තිබෙන්නට ඇතිද. ආසියාතික කලාපයේ ආලෝකය, බුදු දහම වූවත්, යුරෝපාකරයට බුද්ධ (BUDDHA) වචනය අලුත් වචනයකි. එය දැන් දැන් ඉතා සීඝ්‍රයෙන් ජනපි‍්‍රය වෙමින් පවතී. එම නිසාම මේ වන විට යුරෝපයේ බුද්ධ යන වචනය වටා ඒකරාශී වන ජනී ජනයා ගේ සංඛ්‍යාව, දිනෙන් දින ඉහළ යනු පෙනෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැපත අගය කළ සත්‍යයේ දහම

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

සුඛ කාමානි භූතානී

යො දණ්ඩෙන විහිංසති

අත්තනො සුඛ මෙසානො

පෙච්ච සො න ලභතෙ සුඛං


කාරුණික පින්වත්නි,

ඉහත දැක් වූයේ අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මයයි. එය අයත් වන්නේ ධම්මපදයේ දණ්ඩ වග්ගයට යි. මෙම ගාථා ධර්මයෙන් සැප ලැබීමේ මාර්ගය පිළිබඳ වැදගත් අදහසක් ඉදිරිපත් කර ඇත. මෙහි සරල සිංහල අර්ථය වනුයේ, සියලු සත්ත්වයෝ සැප කැමති වෙති. සැප සොයන කිසිවෙක් සත්ත්වයන්ට හිංසා කරත් ද, ඔහුට මෙලොව හෝ පරලොව සැපයක් නො ලැබේ යනුයි.

ඉතිරිය»

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 66 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්ෂ දෙකකට වරක් බැගින් පවත්වනු ලබන ජාතික උපසම්පදා මහාවිනයකර්මය හා පුණ්‍යමහෝත්සවය 2008 ජූලි මස 05 දා සිට 15 දා දක්වා පොල්ගහවෙල කුලීපිටියේ විජයතුංගාරාමය හා පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) කේන්ද්‍ර කොට ගෙන මා ඔයේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමාමාලකයේ දී අත්‍යුත්කර්ෂවත් ලෙස සිදුකිරීමට සියලු විධිවිධාන සැලසී ඇත.

ඉතිරිය»

වෙහෙරහේන පූර්වාරාම රජ මහා විහාරයේ අසූ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි.  මෙම විහාරස්ථානයේ අලංකාර බොදු සිතුවම් රැසක් සහිත විහාර මන්දිරය පොළොව යට ඉදි කර ඇත. මෙම විහාර කර්මාන්තය පරවාහැර රේවත අනු නා හිමියන් විසින් සැලසුම් කරන ලද්දකි.

ඡායාරූපය - සමන් ශී‍්‍ර වෙදගේ

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]