UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණවර්ණ පොසොන් උත්සවය

ස්වර්ණවර්ණ පොසොන් අනුරපුර ස්වර්ණමාලී සෑ රදුන් අබියසින් සහ බසවක්කුලම වැව් තාවුල්ලෙන් පොසොන් පෝදා හිමිදිරියේ සිට මැදියම් රැය තෙක් සජීවීව විකාශය කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ලොව උතුම් සිව් සැප

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සුඛෝ බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛො

පින්වත්නි,

අද පොසොන් පුර පසළොස්වක දවසයි. පොසොන් පුර පසළොස්වක පිළිබඳව විස්තර කරන්න මගේ අදහසක් නැහැ. පොසොන් පුර පසළොස්වක එහි අගය, එදින කළ යුතු දේ ආදිය පිළිබඳව නිවැරැදි හැඟීමක් අවබෝධයක් අපේ බෞද්ධයන්ට තිබෙන නිසා. උපන් දා පටන් ම මිනිසාගේ චාරිකාව සැප සොයා යෑමයි. දැනට තමන් සිටින තැන කෙතරම් සැප තිබුනත් මිනිස් සිතට ඒ සැප මදි. ඊට වඩා වැඩි පුර සැප සොයන්න ඕනෑ. බෞද්ධයන් දන් දී වෙනත් පින්කම් කර දිව්‍ය ලෝක සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ දෙව් ලොව මිනිස් ලොවට වඩා සැප ඇති තැනක් කියා අසා තිබෙන නිසයි.

ඉතිරිය»

මහින්දාගමනය

සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනු කම්පාය
ජම්බු දීපා ඉධා ගතා

මහරජ අප ධර්ම ස්වාමි වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වම්හ. තොපට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු. අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ විසින් මේ කාරුණික වූ වදන් ප්‍රකාශ කළේ අද වැනි පොසොන් පොහොය දිනකදී ය.

ඉතිරිය»

මිහින්තලා ආලෝක පූජාව

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 46 වැනි වරටත් මිහින්තලා ආලෝක පූජා උළෙල මෙම 17, 18, 19 දිනවල මිහින්තලා පුදබිමේදී අත්‍යාලංකාරයෙන් සිදු කැරේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක නාමල්වැවේ රතනසාර නාහිමියන්ගේ සහ විහාරාධිකාරී වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.

ඉතිරිය»

ශාසනික–ජාතික මෙහෙවර රැසක් ඉටු කළ සත් කෝරළය

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සත් කෝරළය ආගමික, ඓතිහාසික, ආර්ථික හා සමාජයීය වශයෙන් සුවිශේෂ ප්‍රදේශයකි. දඹදෙණිය, පඬුවස්නුවර, යාපහුව, කුරුණෑගල යන රාජධානි සතර සත් කෝරළයේ වෙසෙන මිනිසුන්ගේ ප්‍රෞඪත්වය පිළිබඳ පැහැදිලි කැඩපත් බඳු ය. බුදු දහමත්, සංස්කෘතියත්, කෘෂිකර්මයත් දිවි හිමියෙන් රැක ගනිමින් එදා සිටම ඔවුහු කල් ගෙවූහ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වැනි ජාතක පොත් වහන්සේ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, විශුද්ධිමාර්ගය සන්නය, ආදී වටිනා බෞද්ධ ග්‍රන්ථ මෙන්ම සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහළ තත්ත්වයේ වටිනාකම් ඇති ග්‍රන්ථ රැසක් බිහි වූයේ, සත් කෝරළයෙනි. එවන් මහා වටිනාකම් ගැන තොරතුරු බිඳකි මේ.

ඉතිරිය»

 

මහරජ, දක්ෂ නාගවනිකා ඇත් පා සටහන් අනුව ඉදිරියටම යන්නා සේ ...

ධර්මාශෝක රජු පුත් මිහිඳු මහ රහතන් වහන්සේ අද වැනි පොසොන් පුර පෝ දිනෙක දෙවනපෑතිස් රජතුමන් මිස්සක පර්වතයේ මුව දඩ කෙළියේ යෙදෙද්දී එතැනට වැඩමකොට තමන් වහන්සේ හඳුන්වාදුන් පසු දෙවනපෑතිස් රජතුමන් දුනු හී තල අතහැර, මිහිඳු මාහිමියන්ගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වූ අයුරු සිතුවමෙන් දැක්වෙයි. මිහිඳු හිමියෝ එහිදී රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කොට වදාළ සේක.

සිතුවම - සරත් නන්ද කුමාර

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]