Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙහෙර විහාර

මීගොඩ පූර්වාරාම පුරාණ විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ


චෛත්‍යරාජයාණන් වහන්සේ

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පෙ පත්තුවේ, අකුරැස්ස ගාල්ල මාර්ගයේ පිලාන තක්‍ෂිලා විදුහල අසලින් වමට හැරී මීටර් 100 ක් පමණ දුර ගමන් කළ විට , රමණීය කඳුගැටයක් මත මීගොඩ පූර්වාරාම විහාරය පිහිටා ඇත. සියලු විහාර අංගයන්ගෙන් සමන්විත මෙම විහාරස්ථානයට අවුරුදු 150 ක් තරම් දීර්ඝ ඉතිහාසයක් ඇත.

මිද්දෙණියේ සරණතිස්ස ස්වාමීන් වහන්සේගෙන් ඇරඹුණු මෙම ස්ථානය මුල් කාලයේ එතරම් පහසුකම්වලින් හෙබි ස්ථානයක් නොවීය. මීගොඩ විමලජෝති ස්වාමීන් වහන්සේගේ ආධිපත්‍ය යටතේ මෙම ස්ථානයේ චෛත්‍ය, විහාර මන්දිරය ගොඩනැගුණි . බැතිමතුන්ගේ ජනාදරයට පත් වූ මෙම ස්ථානය විද්‍යෝදය පිරිවෙණේ සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ සේවය කළ රාජකීය පණ්ඩිත කොක්මාදුව ගුණසිරි ස්වාමීන් වහන්සේගේ කාලයේ දියුණුවක් ඇති විය.

වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී වැයිහේනේ. කස්සප ස්වාමීන් වහන්සේගේ අධිපතිත්වයෙන් සියලු විහාර අංගයන්ගෙන් සමන්විත ස්ථානයක් බවට පත්විය. අපවත් වී වදාළ පණ්ඩිත කොක්මාදුව ගුණසිරි ස්වාමීන්වහන්සේගේ තෙවර්ෂ පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් දර්ශණීය දෙමහල් ධර්මශාලා මන්දිරයක් ගොඩනඟා ඇත. එහි පුස්තතාලයක් හා නැණසලක් ද මෑතදී ගොඩනංවන ලදී.

මෙම ස්ථානයේ පිහිටි පූර්වාරාම දහම් පාසල මඟින් ප්‍රදේශයේ ළමා පරපුරට ඉමහත් සේවයක් සිදුවේ.විහාරස්ථානය අනුබද්ධව පිහිටුවා ඇති මීගොඩ විමලජෝති අන්‍යොන්‍යධාර සමිතිය සහ දුප්පත් ජනතාවට උපකාර කිරීම සඳහා පිහිටුවා ඇති සරසවි පදනම යන සංවිධාන වලින් විශාල සේවයක් ගමට සිදුවේ.


චෛත්‍යරාජයාණන් වහන්සේ


බෝධීන් වහන්සේ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.