Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝසත් දම්පල් හරසර වන්දනා

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ඒ සත් සේවාවන් යළිදු සිහිපත් කොට නැවත ඒ මහා යුග මෙහෙවර පණ ගැන්වීමත්, බෞද්ධකම හා යහපත් ගුණගරුක සමාජයක් වෙත මග පෙන්වීමත් අරමුණු කරගෙන දීපව්‍යාප්ත බෝසත් දම්පල් හරසර වන්දනා දීපව්‍යාප්ත රචනා තරගයක්, ජයග්‍රාහකයන්ට දඹදිව සංචාරයක්, දස දෙනකුට දස දහස බැගින් මුදල් ත්‍යාග, හොඳම රචනා 50 කුඩා පොතක් ලෙස පළ කිරීම, ධර්මපාලතුමාගේ ලෝභමය ප්‍රතිමාවක් නිමවා දඹදිව ස්ථාපනය කිරීම, දස දහසක රෝසමල් හා සුවඳ මල් පූජාව දාන ශීල භාවනා ආලෝක පූජා ආදී වැඩසටහන් රැසක් පැවැත්වෙන බව, “දැහැමි පුබුදුව“ කියයි. රචනා තරගය පිළිබඳ විස්තර ඔබගේ දහම් පාසලෙන් ලබා ගත හැකි ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සුපින්වත් ආශීර්වාදයෙන් ඉන්දියාවේ මහා බෝධි සමාගමේ මහ ලේකම් ආචාර්ය ඉඩම්ගොඩ රේවත හිමියන්ගේ හා නව මූලගන්ධකුටි විහාරාධිපති කේ. සිරිසුමේධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන්ගේ අධීක්‍ෂණයෙන් ද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ හා පදලංගල ධම්මදේව හිමියන්ගේ මග පෙන්වීමෙන් ද වෙසක් පුන් පොහෝ දා සිට තෙමසක් පුරා සිදු කැරෙන මහා උපහාර පින්කම් මාලාවකින් පසුව ධර්මපාලතුමාගේ උපන්දිනය වන සැප්තැම්බර් 17 දා සහ පෙරදින (16 දා) සුවිශේෂ මහෝත්සවය බරණැස මූලගන්ධ කුටි විහාරයේ දී සිදුකැරෙන බව එම සංවිධානය කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.