UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කඩුවෙල කොරතොට රජ මහා විහාරයේ ඇති ලෙන් ලිපි ක්‍රි.පූ. තුන්වැනි සියවසේ සිට ක්‍රි.ව. දෙවන ශත වර්ෂය දක්වා වකවානුවකට අයත් යැයි මහාචාර්ය පරණවිතානගේ මතය වේ. සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1581 – 1592 ) පෘතුගීසීන් හා කළ සටනේ දී ඔත්තු බැලීමට හා කඳවුරු බැඳ සිටීමට මෙහි ලෙන් සහ කඳු ප්‍රදේශය සහිත ස්ථානය තෝරාගත් බවට රාජාවලියේ එන සටහන් වලින් සනාථ වේ. ඡායාරූපයෙන්  දැක්වෙන්නේ එම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ සහිත දසුනකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඉමදූව අන්දුගොඩ පුරාණ විහාරය

පුරා වසර 300 ක පමණ ඉතිහාසයක් ඇති ඉමදූව අන්දුගොඩ පුරාණ විහාරස්ථානය සිතගත සමාධිගත සුවයට ළඟ කරනා පහන් බිමකි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරය 1740 දී පමණ ප්‍රාදේශීය රජ කෙනෙකු විසින් ස්ථාපිත කර ඇති බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. ඓතිහාසික සාධක බොහොමයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ දාගැබ, ප්‍රතිමාඝරය, බෝධිය, දේවාලය පුරාතන ප්‍රතිමා පැරණි චිත්‍රවලින් ද සමන්විත ය. එම සිතුවම්, ප්‍රතිමා නුවර යුගයේ කලාවට නෑකම් කියන බවක් පෙනේ. ඒවා සමහරක් කාල විපත් වලට හසුව මැකී යමින් පවතින ස්වරූපයක් දැක ගත හැක. කළු ගලින් බැඳි ඝන්ඨා කුළුණද, විහාරයට මහා ප්‍රෞඪ බවක් එක්කරල යි.

ඉතිරිය»

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]