Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉමදූව අන්දුගොඩ පුරාණ විහාරය

පුරා වසර 300 ක පමණ ඉතිහාසයක් ඇති ඉමදූව අන්දුගොඩ පුරාණ විහාරස්ථානය සිතගත සමාධිගත සුවයට ළඟ කරනා පහන් බිමකි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරය 1740 දී පමණ ප්‍රාදේශීය රජ කෙනෙකු විසින් ස්ථාපිත කර ඇති බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. ඓතිහාසික සාධක බොහොමයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ දාගැබ, ප්‍රතිමාඝරය, බෝධිය, දේවාලය පුරාතන ප්‍රතිමා පැරණි චිත්‍රවලින් ද සමන්විත ය. එම සිතුවම්, ප්‍රතිමා නුවර යුගයේ කලාවට නෑකම් කියන බවක් පෙනේ. ඒවා සමහරක් කාල විපත් වලට හසුව මැකී යමින් පවතින ස්වරූපයක් දැක ගත හැක. කළු ගලින් බැඳි ඝන්ඨා කුළුණද, විහාරයට මහා ප්‍රෞඪ බවක් එක්කරල යි.

ගලා හැලෙන දිය දහරවල් දෙකක් මැද පිහිටි අන්දුගොඩ පුරාණ විහාරය සාහිත රසයද පරිසර මිහිරද දම් සිල් සුවඳ ද ජනිත කැරෙනා උතුම් පිං බිමකි.

නූතන ආකෘතියකින් හෙබි පිවිසුම් දොරටුව විහාරස්ථානයට එක් කරන්නේ ගාම්භීර පෙනුමකි. පැරණි හා නව ආකෘතියන්ගේ සම්මිශ්‍රණයකින් මෙම විහාරය හැඩ වී ඇත. අන්දුගොඩ ගම මැද කුඩා කඳු ගැටයක් මත පිහිටි මෙම විහාරය පිහිටි පරිසරයද සිත මිහිරියාවට පත් කරයි. නිල්ලෙන් පිරි වට පිටාවක කෙත්වතු සහිත සොඳුරු පරිසරයක පිහිටි මෙම විහාරයේ කෙරෙනා ආගමික සාමාජික මෙහෙයද විශාලය. ශ්‍රී අස්ථදස්සි දහම්පාසල තුළ බෝසත් ළමා ළපටියෝ දහම් අධ්‍යාපනය හදාරති.

මේ සැමටම නායකත්වය ලබාදෙමින් කටයුතු කරන අන්දුගොඩ පුරාණ විහාරස්ථානයෙහි විහාරාධිපති අන්දුගොඩ හේමාලංකාර නායක හිමියෝ ආගමික සමාජ සංස්කෘතික සේවාවන් රැසක් සිදු කරමින් බුදු සසුන සුරකිමින් රටට සමාජයට කරන මෙහෙය ඉතාම වටින්නේ ය.


චෛත්‍ය රාජයාණන්වහන්සේ


නුවර යුගයේ සිතුවම් පෙළක් ආපදාවන්ට පත් වී ඇති අයුරු.


ශෛලමය ඝණ්ඨාර කුළුණ


පිවිසුම් දොරටුව


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.