UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දහස් නමක් මහ සඟරුවනට
අනුරපුර දී දක්ෂිණාවක්!


රජරට මෑත ඉතිහාසියේ ප්‍රථම වතාවට දහසක් භික්ෂූන් වහන්සේ වෙත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ ඓතිහාසික මහා පුණ්‍යේත්සවයක් පසුගිය දා අනුරාධපුර කලැත්තෑව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී දහස් සංඛ්‍යාත දෙස් විදෙස් බැතිමතුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ඉතිරිය»

තායි දේශයේ බොදු සිරිත්


භාරත දේශයේ අශෝක රජතුමාගේ රාජ්‍ය සමයේදී ලංකාව ඇතුළු පෙරදිග රටවල් කිහිපයකට ම බුදු දහම ව්‍යාප්ත වූ බැව් අපි දනිමු. එම රටවල් අතර ස්වර්ණභූමි නමින් දේශයක් ද විය. එම ස්වර්ණ භූමියෙහි බුද්ධාගම ස්ථාපිත කරන ලද්දේ සෝරත සහ උත්තර යන තෙරුන් වහන්සේ විසින් බව ද සඳහන් වේ. එදා මේ ස්වර්ණභූමිය (  The Land of gold ) නමින් හැඳින්වුනු දේශය කාම්බෝජියාවෙන් කොටසක් සහ බුරුම දේශයෙන් කොටස් ද අයත් වර්තමාන තායිලන්තයයි. අද අප එය තායිලන්තය නමින් හැඳින්වුවද 20 වන සියවස මැද වන තුරුම මෙම දේශය හැඳීන්වූයේ සියම නමිනි. සියමේ එදා මුල් පදිංචිකරුවන් වූයේ බුරුමය හරහා සංක්‍රමණය වූ චීන ජාතිකයන් ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

යහපතට ඇති අපහසුව


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

සුකරානි අසාධුනී -
අත්තනො අහිතානිච
යං වෙ හිතංච සාධුංච -
තං වෙ පරම දුක්කරං

පින්වත්නි !

අපි පෙර භවයන්හි පින් කළ ඇත්තෝ වෙමු. පෙර පින් බලය නිසාම අපි අංග විකල නොවී පූර්ණ මිනිසුන් ලෙස වාසනාවන්තව ජීවිත ගත කරමු. පින්වත් දෙමාපියන්ගේ දූ දරුවන් ලෙස, පින්වත් දූ දරුවන්ගේ දෙමාපියන් ලෙස අපි ජීවත් වෙමු. ඔබ අපි වාසය කරන්නේ පින්වත් දේශයකයි. සම්බුදු සසුන පවතින සමයක අපි ජීවත් වෙමු. ඒ සියල්ල ඇසුරේ කල් යවන අපි, අපි ගැනම මොහොතක් මෙනෙහි කරමු.

ඉතිරිය»

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 81 වැනි මහ සභාව

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 81 වැනි වාර්ෂික මහා සභාව පසුගිය (මාර්තු) 16 දින කොළඹ 07 , අංක 380 , බෞද්ධාලෝක මාවතේ පිහිටි එම සම්මේලන පරිශ්‍රයේ බී.එච්. විලියම් ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

ඉතිරිය»

හොරණ නගරයට ආසන්නයේ පිහිටි පොකුණුවිට රජ මහා විහාරය සිව්වැනි සියවසට අයත් බව කියැවේ. කිත්සිරි මෙවන් රාජ්‍ය සමයේ දේව නම් අමාත්‍යවරයකු මෙම විහාරයට කළ පූජාවක් පිළිබඳ සටහන් සහිත සෙල්ලිපියක් මෙම විහාර භූමියේ ඇත. පොළොන්නරු යුගයේ විහාර ආකෘතියෙන් හෙබි ශෛලමය විහාර මන්දිරයේ මෑතකදී නිර්මාණය කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මුල් පිටුවේ දැක්වේ.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]