UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

විශ්ව ගම්මානයේ ලාංකිකයා

කීර්තිමත් විද්‍යා ලේඛකයකු වූ ආතර් සී ක්ලාක් මහතා පිළිබඳ ව දැනටමත් බොහෝ දේ ලියැවී හමාර ය. එ සේ වුව ද ඔහු පිළිබඳ ව සටහනක් තැබීම අප ගේ යුතුකමක් යැයි සිතමු. ඒ, විද්‍යා ප්‍රබන්ධ අසූවකට අධික ප්‍රමාණයක කතුවරයා වශයෙන් ඔහු ලබා සිටි කීර්තිය නිසා නො වේ. මුළු ලෝකය එක ම ගම්මානයක් බවට පත් කළ චන්ද්‍රිකා සන්නිවේදන තාක්‍ෂණ සංකල්පයේ පියා වන නිසා ද නො වේ. ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු වීම අප ඔහු ඇගැයීමට හේතුවයි.

බ්‍රිතාන්‍යයේ සමර්සෙට් හි මයින්හෙඩ් නමැති ග්‍රාමයේ දී 1916 දෙසැම්බර් මස 16 වන දා මෙලොව එළිය දුටු ආතර් චාර්ල්ස් ක්ලාක් මහතා පසුගිය 22 වන දා බොරැල්ල කනත්තේ මිහිදන් වූයේ සැබෑ ශ්‍රී ලාංකිකයකු වූ නිසා ය. බොහෝ ශ්‍රී ලාංකික උගතුන් ගේ පරමාදර්ශි රාජ්‍යය වන බ්‍රිතාන්‍යය හැර දමා 1956 සිට පදිංචිය පිණිස ශ්‍රී ලංකාව තෝරා ගැනීම ම සුවිශේෂී කරුණකි. ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වයට වශීවීම ඊට එක ම හේතුව ලෙස සැලැකීම වරදකැ යි සිතමු. මන්ද යත්, මේ දිළිඳු රාජ්‍යයේ පොහොසත් සංස්කෘතියට ඔහු බොහෝ සෙයින් ගරු කළ බව පෙනෙන්නට තිබෙන බැවිනි.

මෙයට වසර කිහිපයකට පෙර ඔහු රචනා කළ ගැඹුරු මුහුද (ච්ඡ්ඡ්ර්‍ථ අඒව්ට්ඡ්)නමැති කෘතියෙහි සඳහන් මේ අනාවැකිය, ඔහු ගේ පාරම්පරික උරුමය කිසිදු චකිතයකින් තොර ව බැහැර කිරීමක් පමණක් නො ව බුදු දහම පිළිබඳ ගැඹුරු අවබෝධය ද හෙළි කිරීමකි.

“මේ 2050 වසරයි. මේ වන විට දෙවියන් පිළිබඳ ව ඉගැන්වෙන සියලුම ආගම් අභාවයට පත් ව ඇත. බුදු සමය සමග තරග කළ අනෙක් ආගම් තුන ම අසාර්ථක විය. දුබල විය. එ හෙයින් තව දුරටත් මිනිස් සිත් සතන් පුබුදුවිය හැකි එක ම ආගම වන්නේ බුදු සමය යි.”

“මේ අන්‍ය ආගම් සතු ව තිබූ බලය දැන් දක්නට නැත. එහෙත් මේ ආගම් නො නැසී තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇත. දැන් සක්‍රීය ව පවතින්නේ බුදුන් වහන්සේ ගේ සද්ධර්මය පමණි. අනෙක් ආගම්වල පිරිහීමත් සම¼ග ඇති වූ හිස්තැන පුරවන බුදු සමයේ බලය වැඩිවිය. හුදු ආගමක් පමණක් නො වන බුදු සමය , පුරාවිද්‍යාඥයන් ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිම නො වැටුණේ, එය කිසිදු දේව වාක්‍යයක් මත නො වැඩුණු, පැහැදිලි ශක්තිමත් දර්ශනයක් වන හෙයිනි. අනෙකුත් සියලු බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි, සදිසි හෝ අදිසි පහරවල් බුදු සමය කෙරෙහි බල නො පැවැත්වීය.”

නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරය හමුවේ ආගමට අත්වන ඉරණම ආතර් සී ක්ලාක් මහතා ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි කැරේ. අවම වශයෙන් බටහිර ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළක් සැකැසීමේ දී හෝ අප එම මතය සැලැකිල්ලට ගත යුතු ය. එහෙත් ආතර් සී.ක්ලාක් මහතා ගේ එම සහතිකය නිසා බෞද්ධයන් උද්දාමයට පත්වීම හැර වෙනත් දෙයක් සිදු වී ඇතැයි අපි නො සිතමු. ඔහු පිළිබඳ ව කැරෙන දහසක් ගුණ කථන වලට වඩා ඔහු ගේ එම අනාවැකිය යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙසීම ඔහුට පිදෙන උපහාරයක් වනු ඇත.

ඔහු ගේ අවසන් ප්‍රාර්ථනාවන් ගෙන් ද හෙළිවනුයේ ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු වූ බව ය. ඔහු ගේ අනූ වන ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් 2007 දෙසැම්බර් මස 17 වන දා පැවැති විශේෂ උත්සවයක දී ඔහු සිය අවසාන ප්‍රාර්ථනා තුනක් ගැන කීය. පිටසක්වල ජීවින් ජීවත්වනු දැකීම, ඉන්ධන වෙනුවට වඩා බලවත් බලශක්තියක් සොයා ගැනීම හා ශ්‍රී ලංකාවට සාමය උදාවනු දැකීම ඒ ප්‍රාර්ථනාවන් ය.

නවීන තාක්ෂණය හා විද්‍යාව කෙරෙහි විශ්වාසය තැබූ ඔහු පිටසක්වල ජීවින් හා ඉන්ධන පිළිබඳ ව උනන්දු වීම ස්වාභාවික කරුණකි. එහෙත්, ශ්‍රී ලංකාවට සාමය උදාවනු දැකීම ප්‍රාර්ථනාවක් වූයේ ඔහු හදවතින් ම ශ්‍රී ලාංකිකයකු වූ නිසා ය. එ බැවින්, සැබෑ බෞද්ධයකු වූ මේ අබෞද්ධයා හට අප ගේ ආචාරය හිමි වේ.

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]