UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඈත ඉතිහාසයක් ඇති දිඹුලාගල විහාර සංකීර්ණයට අයත් එක් කොටසක් ලෙස, වර්තමානයේ ‘නාමල් පොකුණ’ නමින් වන ස්ථානය හඳුනා ගත හැකි ය. පළමුවන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1065- 1115) දිඹුලාගල පුණ්‍ය භූමියක් බවට පත් කර ඇත. පළමුවන මහා පරාක්‍රමබාහු රජ යුගයේ මෙහි ප්‍රසිද්ධ පිරිවෙනක් තිබූ බවත්, ගුරුළුගෝමී හා විද්‍යාචක්‍රවර්තී පඬිවරුන් එම පිරිවෙනින් අධ්‍යාපනය ලද බවත් ජනප්‍රවාදයෙහි කියැවෙයි. පැරැණි සංඝාවාසයක් තිබූ බවට ඓතිහාසික සාධක (නටබුන්) මේ භූමියෙහි අදත් දැකගත හැකි ය. පැරැණි පිරිවෙන යැයි විශ්වාස කෙරෙන නටබුන් ද, ඒ අතර වෙයි. පරාක්‍රමබාහු රජ දවස මෙම සංඝාවාසයේ අධිපතිත්වය දරන ලද්දේ මහා කාශ්‍යප නම් වූ රහතන් වහන්සේ ය. ඡායාරූපයේ දැක්වෙන්නේ නාමල් පොකුණ පුණ්‍ය භූමියේ ද සොයාගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහා කාශ්‍යප ලෙන ලෙස නම් කර ඇති; එදා මහරහතන් වහන්සේ වැඩ සිටි බවට විශ්වාස කෙරෙන ඓතිහාසික වටිනාකමින් යුතු ලෙනකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වෙහෙර විහාර

දූනගහ ගලඋඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

 

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කුරු කෝරළයේ දූනගහ පත්තුවේ දූනගහ මං සන්ධියේ සිට නිල්පනාගොඩ දෙසට ගමන් කරන විට සැතපුම් 1/2 ක් පමණ දුරින් මෙම සියවස් පැරණි විහාරස්ථානය පිහිටා ඇත. මිනුවන්ගොඩ සිට බඩල්ගම බස් රථයෙන්ද මෙම ස්ථානයට පිවිසීමේ පහසුකම් ඇත.

ඉතිරිය»

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]