UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙල්ලඹුර දුරුතු පෙරහර 22 දා

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේදී විහාරාධිපති ලෙල්වල ඉන්දජෝති නා හිමියන්ගේ අනුශාසනා පරිදි දුරුතු පූජෝත්සව කමිටුව විහාරස්ථ දායක සභාව යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව, යක්කලමුල්ල පොලිස් ස්ථානය, දකුණු පළාත් සභාවේ මහා අමාත්‍ය තුමන් ඇතුළු ව නාගොඩ බද්දේගම අක්මීමන, හබරාදුව ප්‍රාදේශීය සභාවන්ගේද, විශේෂ අනුග්‍රහයෙන් මෙවර ජනවාරි 16 දින සිට 22 වන දින තෙක් පින්කම් මාලාවක් පැවැත්වේ. විෂ්ණු පෙරහර 17 වන දින මැති ඇමතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් සිදු කැරිණි. 19 වන දින කතරගම පෙරහර වීථි සංචාරය කැරිණි.

22 වන දින දුරුතු මහා පෙරහර පෙරවරු 1 සිට වීථි සංචාරය කිරීමට සංවිධානය කර ඇති අතර එදින ප්‍රදේශවාසී මහා සංඝ රත්නය ඇතුළු පනස් නමක්ද දකුණු පළාත් මහා අමාත්‍ය ෂාන් විජේලාල් මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රී තුමන්ද අධිකරණ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතා සමාජ සුභසාධන හා සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය ලයනල් පේ‍්‍රමසිරි මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද සහභාගි වීමට නියමිතය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු යක්කලමුල්ල අක්මීමන ඉමදුව බද්දේගම ප්‍රාදේශීය ලේකම් තුමන්ලාද , සහභාගි වීමට නියමිතය. 23 වන දින අලුයම ගිනි පාගා දේව දානය දී නව වසරටත් රජයටත් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් පතනු ලැබේ.

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]