UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි දළදා මැඳුරේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත්සහල් මංගල්‍ය දුරුතු පුර පසළොස්වක පෝදින පැරැණි චාරිත්‍රානුකූලව සුබ මොහොතින් සිදු කෙරේ.

සුබ නැකතට අනුව අලුත් සහල් පල්ලේකැලේ අටුවෙන් ගෙනවිත් නැකැත් අනුව ශ්‍රී දළදා මාලිගාවේ අටුකොටු වල තැන්පත් කර එයින් පිසින ලද ප්‍රනීත ආහාර වලින් යුත් බුද්ධ පූජාව එදින උදේ සුබ මොහොතින් ශ්‍රී දළදා සමිඳු වෙත පූජා කිරීම සිදුකෙරෙනු ඇත.

එදිනම අනෙකුත් විහාරස්ථාන ප්‍රධාන මහනුවර සතරදේවාල ඇතුළු දේවාලවලද එම සුබ වේලාවට අලුත් සහලින් පිසින ලද පූජාව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන දෙවියන් වෙනුවෙන් පවත්වනු ඇත.

වර්ෂයේ ශ්‍රී දළදා මාලිගාවේ දී ශ්‍රී දළදා සමිඳු උදෙසා පවත්වනු ලබන සතර මංගල්‍යයන්ගෙන් වර්ෂයේ මුලට යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝදින අලුත් සහල් මංගල්‍යයද, අප්‍රේල් මාසයට (බක්) යෙදෙන අවුරුදු මංගල්‍යයද, ඇසැළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසැළ පෙරහර මංගල්‍යයද නොවැම්බර් මාසයට (ඉල්) යෙදෙන ඉල්පුර පෝදින කාර්තික මංගල්‍යයද වේ.

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]