Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි විහාරයේ දුරුතු පෝදා පින්කම

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවයේ ධර්ම දේශනා මාලාව 2007 නොවැම්බර් 13 වනදා සිට ජනවාරි 14 වනදා දක්වා දිනපතා පැවැත්විණි. ජනවාරි 15 වනදා සිට 18 වන දා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්විණි.

ජනවාරි 19 වැනි දා රාත්‍රී උඩමළුවේ පෙරහර ද 20 වන දා රාත්‍රී දෙවැනි වීථි පෙරහරද 21 වැනිදා රාත්‍රී 10 ට මහ පෙරහර ද පැවැත්වීමට ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොද තිබිනි.

දුරුතු පෝදා පෙරවරු 8 – 9 දක්වා කැලණි රාජ මහා විහාරයේ දී මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන්ගේ දහම් දෙසුමක්ද සවස 4 –5 දක්වා දහම් දෙසුම ශාස්ත්‍රපති පිටිගල විජිත හිමියන් විසින් ද රාත්‍රී 7 – 8 දක්වා දහම් දෙසුම පානකාවේ පේමරතන නාහිමියන් විසින් ද පවත්වනු ලබන අතර 22 වැනි දා සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.