Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර දුරුතු පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී දුරුතු පෝදා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල්හි පිහිටුවීම මල්, පහන්, කිරි ආහාර පූජාවද ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. මහාඝෝෂපුර මල් පෙරහර හා කිරිවෙහෙර මලුවේ භාවනා වැඩසටහන පැවැත්වෙන අතර උදේ ධර්මදේශනාව කිරිවෙහෙර රජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් පවත්වනු ලැබේ. මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ සිට මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධිපූජා පින්කම පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීමත් ශ්‍රී ලංකාවට සාමය සමගිය උදාවේවායි ප්‍රාර්ථනා කරති.

පහන් දහසක ආලෝක පූජාව කිරිවෙහෙර චෛත්‍ය 3වන මලුව අභියස දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේදී පසුදා පහන්වනතුරු පැවැත්වේ.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉන්ද්‍රා දිසානායක මහත්මිය, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාඝෝෂපුර බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.