Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අනුරාධපුර, කැකිරාව කිතුල්හිටියාව පදිංචි කේ.ඩබ්.අභයවර්ධන මහතාගේ දෙවැනි පුත් අවුරුදු 01 යි මාස 03 ක් වයසැති බිනුල් කසුන්ත නමැති බිළිඳා හෘර්දයාබාධයකින් පෙළෙන බව කියයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මේ සඳහා සැත්කමක් කළයුතු බවට වෛද්‍ය නිර්දේශ කර ඇති අතර මේ සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටිය යුතු බවද පියා කියයි. ශල්‍ය කර්මය හැකි ඉක්මණින් කළයුතු බැවින්, කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මය කිරීම සඳහා විශාල මුදලක් පමණ වැයවන බව ද ඔහු කියයි. එතරම් මුදලක් සොයාගැනීම දුෂ්කර කාර්යයක් බැවින් මේ සඳහා පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා දඹුල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ 8540015554 අංකය යටතේ ගිණුමක් ආරම්භ කර ඇති බවත් ගිණුමේ නම කේ. විකුම්සිරි /බී කසුන්ත බවත් එම බිළිදාගේ පියා වන.කේ. ඩබ්. අභයවර්ධන මහතා කියයි.

------------------------------------------------------

හෝමාගම මහකටුවාන 585/8 හි පදිංචි 56 වියැති පී. සුනිල් සෝමරත්න නමැත්තා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “බී” පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා බී.පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමීමට කැමති අයකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 0112892434 හෝ 077- 3475232 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස රෝගියාගේ භාර්යාව වන ඩබ්.ඩී.මානෙල් සුජාතා ගුණතිලක මහත්මිය දන්වා සිටී.

-----------------------------------------------------------

කුණ්ඩසාලේ, පල්ලේකැලේ, නවෝදාව පාරේ අංක 1 නිවසේ පදිංචි 45 වියැති ආර්. වී.පී. එම්.එස්. යූ. අනිෂා මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇය සුවපත් කරගැනීම සඳහා ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 081 - 2423372 හා 071- 6161961 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස රෝගියාගේ ස්වාමිපුරුෂයා වන පී.එන්. ආර්. ජයකොඩි මහතා ඉල්ලීමක් කරයි. වකුගඩු ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා දිගන 273 ලංකා බැංකු ශාඛාවේ 2637048 දරණ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.