Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෙර පැවිදි පුහුණු පාඨමාලාවක්

පැවිදි වීමට කැමැත්තෙන් සිටින ළමයින් සඳහා 2008 ජනවාරි මස සිට පෙර පැවිදි පුහුණු පාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එම පාසලේ විදුහල්පති කියයි.

විදේශීය ධර්ම දූත සේවය සඳහා අවශ්‍ය උගත් භික්‍ෂූන් වහන්සේ බිහිකරලීමේ මූලික පරමාර්ථයෙන් අරඹා ඇති එම පාඨමාලාවට ඉංගී‍්‍රසි , දෙමළ සහ ජර්මන් සංස්කෘත සහ පාලි භාෂාවන්ද බෞද්ධ සංස්කෘතිය , බෞද්ධ දර්ශනය තුලනාත්මක ආගම් ගණිතය විද්‍යාව සහ චිත්‍ර ජ්‍යාමිතිය ඇඳීම යන විෂයන්ද ඇතුලත් සය අවුරුදු පාඨමාලාවක් බවද කියයි.

පාඨමාලාව අවසානයේදී පැවිදිවීමට කැමැති අය පැවිදි කිරීමටද අනෙකුත් අය සුදුසු රැකියාවන් සඳහා යොමු කිරීමටද කටයුතු යොදා ඇති අතර විදේශීය ධර්ම දූත සේවය සඳහා එම භික්‍ෂූන් වහන්සේ යොමු කරනු බව එම පෙර පැවිදි පුහුණු පාසලේ විදුහල්පති කියයි.

ආහාර පාන නේවාසික පහසුකම් සහිත මුළුමනින්ම නොමිලයේ උගැන්වෙන පාඨමාලාවක් වන අතර ඒ සඳහා වයස අවු: 12 - 18 දක්වා පිරිමි ළමුන් බඳවා ගන්නා බවද මේ සඳහා කැමති අයට 2007 . 12. 25 දක්වා අයදුම්පත් උප්පැන්න සහතික පිටපතක් සහ පාසල් හැරයාමේ සහතික පිටපතක් සමග විදුහල්පති පෙර පැවිදි පුහුණු පාසල පිංගල්පොත්ත රජ මහා විහාරය, පොල්ගොල්ල , ගොකරැල්ල යන ලිපිනයට එවිය හැකි බවත් එහි විදුහල්පති කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.