කර්මක්‍ෂය හා පරිනිර්වාණය
ඉංගිරිය,
සුදම්පාය
ධර්මායතනවාසී
බෝකුන්දර
කුසලධම්ම හිමි
සිත කය වචනය යන තුන් දොරින් පළවන කි‍්‍රයා කුසල හා අකුසල සංස්කාර
වශයෙන් දක්වා හේතුඵල දහම අනුව, ඒවායේ විපාකදීම කර්මයෙහි ස්වභාවය බව
බුදු සමය ප‍්‍රකටව දක්වයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා
කම්මං කරොති කායෙන වාචාය මනසා” මහණෙනි, මම කයින් වචනයෙන් හා මනසින්
සෙච්තනිකව සිදු කෙරෙන කි‍්‍රයාවන්ගේ ෙච්තනා ශක්තිය කර්මය යැයි කියමි”
යන සුප‍්‍රකට ඉගැන්වීම අනුව සිතිවිලි වූ ෙච්තනාවම කර්මය බව අවධාරණය
වෙයි. (නිබ්බේධික පර්යාය සූත‍්‍රය අ.නි) කුසල අකුසල කර්මය හඳුනාගෙන ඒවා
ප‍්‍රායෝගික ජීවිතය තුළින් අර්ථවත් කර ගන්නා අයුරු අම්බලට්ඨිකා
රාහුලෝවාද සූත‍්‍රයෙහි දක්වා තිබේ. බුදුරජාණන් වහන්සේ විසින්, රාහුල
හිමියන් අමතා වදාළ උපදෙස් වලින් මෙම කි‍්‍රයා මාර්ගය පැහැදිලි කොට
දක්වා තිබේ. සිත, කය, වචනය යන තිදොරින් පළවෙන කි‍්‍රයාවන්ගේ දී
නිරන්තරයෙන් ම ප‍්‍රතිවෙක්‍ෂණය ප‍්‍රගුණ කටයුතු ය. සිතීමේ දී කථා
කිරීමේ දී හා ශාරීරික අවයවයන් ගෙන් කරන කටයුතු වල දී තමාගේ ආධ්‍යාත්ම
සංවර්ධනය තමාටත් අනුන්ටත් උභය පාර්ශ්වයටමත් අභිවෘද්ධිය පිණිස පවතී දැයි
ප‍්‍රථම කොට සිතිය යුතු ය. එසේ නොමැතිව එය උභය පාර්ශ්වයේම අනර්ථය පිණිස
වන්නේ දැයි ප‍්‍රත්‍යවේක්‍ෂණය කොට යහපත පිණිසම, කුසල පිණිසම කටයුතු කර
ගැනීමට නිරන්තරයෙන්ම අවදියෙන් සිටිය යුතු ය.
මේ අනුව කි‍්‍රයාවක් කිරීමට පෙර මෙන්ම කි‍්‍රයාවක් කිරීමට පසුව ද
ප‍්‍රත්‍යවෙක්‍ෂණ කාර්යන් අවශ්‍ය වන්නේ ය. ඒ නිසා අකුසලයන් ගෙන් වැළකී
කුසල් පිණිස කටයුතු කර ගැනීමට මෙය අවශ්‍ය වේ. මෙම ප‍්‍රස්තුතය ගැන
ගැඹුරින් විමසා බැලීමේ දී මිනිසත් බවේ වටිනාකම ද මිනිසුන්ගේ ඉරණම ද
විනිශ්චය කරනු ලබන්නේ කර්මය විසිනි. “ඔබ විසින් ම මෙම පාප කර්මය කරන
ලද්දේ වෙයි. එබැවින් ඔබ විසින් ම එහි විපාක විඳිය යුත්තේ ය.” “තයාෙච්තං
පාපං කම්මං කතංත්වඤෙඤව එතස්ස විපාකං පටිසංවේදයිස්සසි” යනුවෙන් චූලකම්ම
විභංග සූත‍්‍රයෙහි දැක්වේ. කුසල් හා අකුසල් වශයෙන් කෙරෙන කර්මයන්ගේ
විපාක වල ඵලදීම මේ භවයෙහිදී හෝ මතු භව වලදී සිදුවෙයි. කර්ම විපාක අනුව
ගති විවිධත්වය සකස් වන්නේ නිරය, අපාය, තිරිසන් යෝනිය, පේර්ත ලෝකය,
මනුෂ්‍ය ලෝතය, දිව්‍ය ලෝකය යනුවෙන් පස්වැදෑරුම් ආකාරයෙනි.
මේ අනුව, ප‍්‍රාණඝාත දී අකුසල කර්ම කරන ලද පුද්ගලයා කය බිඳීමෙන් පසු
(මරණින් මතු අපායෙහි, දුර්ගතියෙහි, නිරයෙහි උපත ලබයි. හේ නිරයෙහි නූපදී
නම් මනුෂ්‍යත්වය ලබයි නම් ඒ ඒ තැන ඉපදී කෙටි කලක් ජීවත් වෙයි.
(අල්පායුෂ්ක වේ) යම් පුද්ගලයෙක් ප‍්‍රාණඝාතයෙන් වැළකී මෛතී‍්‍ර කරුණා
සහිත පැවතුම් ඇතිව ජනතා දයානුකම්පීව වෙසේ නම්, කය බිඳී මරණින් මතු
සුගතියෙහි උපදී. එසේ නොමැතිව මනුෂ්‍යත්වයක් ලබයි නම් දීර්ඝායු ඇතිව
ඉපදී සුඛිත මුදිත ජීවිතයක් ගත කරයි. සමාජය වෙහෙසවන, දුකට පත්වන
පුද්ගලයා අංග විකලව උපදී. කෝපයට පත්වන පුද්ගලයා දුර්වණ්ව උපදී.
ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා දිළිඳුව උපදී. දිළිඳුව ජීවත් වෙයි. මානාධිකව
වෙසෙන පුද්ගලයා පහත් කුලවල උපදී. දාන මාන ආදී පින්කම් නොකරන පුද්ගලයා
ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින්ට ගරු නොකරන පුද්ගලයා මන්ද බුද්ධිකව උපදී.
(චූලකම්මවිභංග සුත්ත ම.නි)
ආත්මා දී දෘෂ්ඨි වලට බැසගත් බොහෝ දෙනා මනුෂ්‍යයාට සියලු දේ සිදුවන්නේ
පූර්ව කර්මය නිසා බව පවසති. එවැනි එක හේතුක වාද බැහැර කළ බුදුරජාණන්
වහන්සේ දේශනා කළේ නා නා හේතුක වාදයකි. සියල්ල පූර්ව කර්මය නිසා සිදුවන
බව පැවසූ මෝළිය සීවක පරිබ‍්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ වදාළේ පිත
නිසාද, සෙම නිසාද, වාතය නිසාද, තුන්දොස් කිපීම නිසාද, සෘතු විපර්යාස
නිසාද, අනුන් විසින් කරන කිසියම් කි‍්‍රයාවක් නිසාද, ලෙඩරෝග අනතුරු
දුක් කරදර මෙකී අට ආකාරයකින් සිදුවන බව ය. එමෙන්ම, නියාම ධර්ම පහක් මත
ද සියල්ල සිදුවන බව ධර්මයේ සඳහන් වේ. උතු නියාම, බීජ නියාම, කර්ම
නියාම, චිත්ත නියාම, ධම්ම නියාම යනුවෙන් ඒවා හැඳින් වේ.
කර්මයන්ගේ නිදානය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාව මුල්කොට
ගත් ස්පර්ශය නිසා ඇති වන වේදනා (හැඟීම්) තුළින් උපදින ලෝභය නොහොත්
තෘෂ්ණාව මුල් කොට ගැනීම ය. කර්මයන්ගේ නිදානය ස්පර්ශය බැවින් කර්මයේ
නිරෝධය වශයෙන් බුදුන් වහන්සේ වදාළේ ස්පර්ශ නිරෝධයයි. “ඵස්ස නිරෝධො
භික්ඛවේ කම්ම නිරෝධො” කම්ම නිරෝධයත් සමග සියලු කුසල අකුසල කර්ම නිරෝධ
වේ. මෙය නිවන නොහොත් විමුක්තිය යනුවෙන් හඳුන්වනු ලැබේ. අසංකත
ධර්මතාවයක් වන නිවන පසක් කර ගැනීමෙන් මමත්වයෙන් මිදී පුද්ගල සංකල්පය
අතහැරීමෙන් නිෂ්පුද්ගල තත්ත්වයට පත් වේ. ඉන් පසු ඔහුට ධර්ම පිළිබඳව
පවත්නා ද්වන්ද චර්ණය ඇසුරින් ඇතිවන ඇත, නැත, ශුභ, අශුභ, හොඳ, නරක,
ලස්සන අවලස්සන, දුක සැප යනාදී යුගල පද අනුව එකක් අතහැර විකල්පයක්
වශයෙන් අනෙක් පැත්ත අල්ලා ගැනීමේ හැසිරීම් නැත. (සුත්ත නිපාතයේ පරායන
වග්ගය බලන්න) එනිසා බුද්ධාදී ආර්ය උත්තමයින් අටලෝ දහමේ ස්පර්ශය ලබා
එයින් අකම්පිතව පවිත‍්‍රත්වයෙන් හා අධ්‍යාත්මක පරිපූර්ණත්වයෙන් ජීවත්
වෙති.
අර්හත් තත්ත්වයට පත්වීමේ දී සාංසාරික වශයෙන් කළ සියලු අකුසල කර්ම නිරෝධ
වන බව ධර්ම කාරණා අනුව කාටත් දැන් වැටහෙනවා ඇත. ධර්මානුකූලව පිළිගත
හැකි සත්‍ය මෙසේ වූවත් සම්බුද්ධත්වයට හා අර්හත් ඵලයට පත් වූ ආර්ය
උත්තමයින්ටත් අතීත කර්ම වල විපාක විඳීමට සිදු වූ බව නොයෙක් හේතු කාරණා
ඉදිරිපත් කරමින් බොහෝ පැවිදි උතුමන් ද ගිහි භවතුන් ද ලියති, දේශනා
කරති. විචාරයෙන් තොරව ලියන කියන මෙවැනි දේ අවිචාරයෙන් පිළිගැනීම බොහෝ
දෙනාගේ සිරිතකි. ඒ නිසා ශත වර්ෂ ගණනාවක සිට බුදුරජාණන් වහන්සේටත් ඇතැම්
මහ රහතන් වහන්සේලාටත් කර්ම විපාක විඳීමට සිදු වූ බව බොහෝ දෙනා පිළිගෙන
තිබේ.
මෙයටත් වඩා හාස්‍ය ජනක කථාව වන්නේ ගයා ශීර්ෂයේ දී මාරයා පරාජය කර
සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ අවසානයේ පිරිනිවෙන්නට කළ
මාරයාගේ ආරාධනවා පිළිගැනීමෙන් විශාලාවේ දී බුදුරදුන් මාරයාට පරාජය වී
ඇති බව සනාථ කිරීමෙනි. අතීත අකුසලයන්ගේ විපාක නිසා දුක් විඳීමේ කථාව ද
මේ හා සමාන ය. බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්බන්දිකා රෝගය වැළඳී දුක්
විඳීමට සිදු වූයේ, බෝධිසත්වයන් වහන්සේ වෛද්‍යවරයෙක්ව සිටි භවයක දී
රෝගියෙකුට ප‍්‍රතිකාර කර සුව වීමෙන් පසුව නියමිත පොරොන්දුව ඉටු නොකළ
හෙයින් විෂ බෙහෙතක් දී විරේචනය කිරීමේ අකුසල කර්මයේ විපාකයක් වශයෙන්
යැයි බණ කියන උතුමෝ සිටිති. සංඝයා ප‍්‍රකට වහන්සේ නමක් ද මෙය සත්‍යක්
වශයෙන් ගෙනහැර දක්වා බුදුරදුන්ටත් කර්ම විපාක විඳීමට සිදු වූ බව සනාථ
කරමින් රූපවාහිනී වැඩ සටහනකදී වදාළ බව දැනගන්නට තිබේ. තවත් බොහෝ
ප‍්‍රසිද්ධ තැන්වල පැවැත් වූ ධර්මදේශනා වලදී ද එසේ පවසා තිබේ.
අවිචාරයෙන් මෙවැනි දේ පවසන්නේ ධර්මානුකූලව බලන කල අවිද්‍යාව නිසා ය.
පුරාණ කාලයේ නොවියත් උපාසකම්මලාට දෙසූ බණ වත්මත් වියත් සමාජයට නොගැලපෙන
බව සැලකුව මැනවි.
බෝධිසත්වයකු වශයෙන් හඳුන්වන්නේ බුදුවීමට පාරමිතා පුදන උතුමෙකු ය. එවැනි
උතුමන් තම ජීවිතය පවා අනුන් වෙනුවෙන් පූජා කරති. කිසි විටෙකත්
පලිගැනීමේ ෙච්තනාවෙන් අනුන්ට පීඩා පිණිස එවැනි දෙයක් කරනු ඇතැයි
බෞද්ධයෙකුට සිතිය නොහැකි කරුණකි. පුරාණ කාලයේ අප රටේ වෛද්‍යවරුන් ද
වෙදකම් කළේ යමක් අපේක්‍ෂාවෙන් නොව සේවයක් වශයෙනි. අතීතයේ මෙන්ම වත්මන්
සමාජයේ ද වෛද්‍යවරුන් වීර්යය කරන්නේ රෝගියකු තවත් විනාඩියක් හෝ ජීවත්
කරවීමට ය. ඒ වෛද්‍යවරයෙකුගේ යුතුකම හා වගකීම යි. මේ අනුව බලන කල
බෝධිසත්ව වෛද්‍යවරයා රෝගියාට විෂ බෙහෙතක් දී විරේචනය කළා යයි කියන කථාව
අමූලික බොරුවකි. බුදුරජාණන් වහන්සේට වැළඳුන ලෝහිත පක්ඛන්දිකා රෝගය
දුකක් වූයේ කෙසේ දැයි පරිනිර්වාණ සූත‍්‍රය අනුව විමසා බලමු. බුද්ධ
ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලා දීඝ නිකාය ද්විතීය භාගය මහ පරිනිර්වාණ
සූත‍්‍රය, 159 වැනි පිට 52 වැනි ඡේදය මහළු බව සම්බන්ධයෙනි. මහළු බව
දුකක් නොවූවා නම් රෝගය දුකක් වූයේ කෙසේ දැයි බලමු.
“අනදයෙනි, මම දැන් ජීර්ණයෙමි, වෘද්ධයෙමි, මහළු යෙමි, දික් කලක්
ඉක්මියෙමි, පැසීම් වියට පැමිණියෙමි. මා වයස දැන් අසූවක් වෙයි. අනදයෙනි,
දිරූගලක් වක‍්‍රබන්ධනාදී පිළිසකරින් යැපෙන්නේ ද එසේම තථාගතයන්ගේ කය
රහත්ඵල සමවත් නමැති පිළිසකරින් යැපෙන්නේ ද එසේම තථාගතයන්ගේ කය රහත්ඵල
සමවත් නමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනදයෙනි, තථාගතයෝ රූප නිමිත්තා දී
සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති
රහිත චිත්ත විමුක්තියට පැමිණ වෙසෙත් ද අනදයෙනි, එ සමයෙහි තථාගතයන්ගේ කය
අතිශයින් පහසු ඇතියෙක් වෙයි”. මෙයින් ගම්‍ය වන්නේ බුදුරදුන්ගේ මහළු කය
හා ඉන් ඇතිවන ආබාධ, වේදනා නිරෝධයෙන් නිමිති රහිත චිත්ත විමුක්තියට
පැමිණ විසීමෙන් කය හා ආබාධයන් සිතින් අතහැර පහසුවෙන් වාසය කරන බව ය.
එනිසා, බුදුරජාණන් වහන්සේට ඒ කිසිවක් දුකක් වී නොමැති බව පැහැදිලි ය.
වේදනාවන්ගේ නිරෝධනයෙන් නිමිති රහිත චිත්ත විමුක්තියට පැමිණ ආබාධිත
අවස්ථාවල දී කය අතිශයින් පහසු ඇති හැටියට පවත්වා ගන්නා බව සූත‍්‍රයේ 52
වැනි ඡේදයෙන් දක්වා එම සූත‍්‍රයේම 199 වැනි පිටුවේ 85 වැනි ඡේදයේ සිංහල
පරිවර්තනයේ ලෝහිත පක්බන්දිකා ආබාධය බුදුරදුන්ට දුකක් වූ බව සඳහන් කර
තිබේ. 85 වැනි ඡේදයේ පාලි භාෂාවෙන් ලියවී ඇති පරිදි එහි දුකක් ගැන
සඳහනක් නැත. “චුන්ද කර්මාර පුත‍්‍රයාගේ බොජුන වැළඳූ භාග්‍යවතුන්
වහන්සේට ක‍්‍රෑර වූ ලෝහිත පක්බන්දිකා රෝගයක් උපන. මරණය කෙළවර කොටැනි
ඉතා දැඩි දුක් වේදනාවෝ පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ එළැඹ සිටි සිහි ඇති
සේක්, නුවණින් දන්නා සේක්, ඒ රෝගයෙන් නොම ගැහැටෙන සේක් ඒ දුක් වේදනාවන්
ඉවසූ සේක” මෙයින් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේටත් දුක් විඳීමට සිදු
වූ බවය.
එම ඡේදය පාලි භාෂාවෙන් ඇත්තේ මෙපරිදි ය. “අථ කො භවතො චන්දස්ස
කම්මාරපුත්තස්ස භන්තං භුත්තාවිස්ස ඛරො අබාධො උප්පජ්ජි ලොහිතපක්ඛන්දිකා
පබාළහා වෙදනා වතතනති මාරාන්තිකා තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි
අවිහඤඤමානො”
පාලි භාෂාවෙන් දක්වා ඇති පරිදි මාරාන්තික වේදනාවක් මිසක දැඩි දුකක්
වේදනාවක් පැවතුන බවක් හො දුක් වේදනාවක් ඉවසූ බවක් නොමැත. සිංහල
පරිවර්තනය අනුව බලන කල 52 වැනි ඡේදය හෝ 85 වැනි ඡේදය යන දෙකින් එකක්
අසත්‍ය විය හැකි ය. පිටකයෙහි ලියවී ඇති දෙකක් වුවත් අවිචාරයෙන්
පිළිගතහොත් සත්‍ය වටහා ගත නොහැකි බව කාලාම සූත‍්‍රයෙන් දේශනාකර ඇත්තේ
මෙනිසා ය. මහා පරිනිර්වාණ සූත‍්‍රයේ එකිනෙකට පරස්පර බොහෝ කරුණු
අන්තර්ගතව ඇති බව විමසිලිමත්ව පරිශීලනය කරන විට දක්නට තිබේ
“ මිළින්ද ප‍්‍රශ්නයෙහි” ද බුදුරජාණන් වහන්සේට අතීත අකුසල කර්ම විපාක
විඳීමට සිදුවූවා දැයි මිළිඳු මහ රජතුමා ඇසූ ප‍්‍රශ්නයට නාගසේන මහ රහතන්
වහන්සේ දී ඇති පිළිතුර “කර්මක්‍ෂය ප‍්‍රශ්නය” පරිච්ඡෙදයේ මෙසේ දක්වා
තිබේ. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේට යම් ලොහිත පක්ඛන්ධිකාබාධයෙක්
උපන්නේ වේද ඒ ආබාධය තෙම පූර්ව කළ කර්මයෙකින් නො උපන්නේ ය. සන්නිපාතයෙක්
උපන්නේ ය. මහරජාණෙනි, භග්‍යවතුන් වහන්සේට යම්කිසි කායිකාබාධ කෙනෙක්
උපදනා ලද්දාහු ද ඒ ආබාධයෝ පෙර කර්මයකින් නො උපන්නාහ. වතාදී මේ
සම්මුටඨානයන් සදෙනා අතුරෙන් එක්තරා සම්මුටඨානයකින් උපදනා ලද්දාහ.
මහරජාණෙනි, මෙම කාරණාව දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේ විසින්,
සත්දහස් සත්සිය දෙසැට සූත‍්‍ර සමූහ කෙනෙකුන් ප‍්‍රවර ලාංඡනය කොට තැබුවා
වූ සංයුත් සඟියෙහි නිර්ගාථක සූත‍්‍රය හෙයින්, වෙය්‍යාකරණ නම් වූ මොළිය
සීවක නම් සූත‍්‍රයෙහි වදාරණ ලද්දේ ය.
“මහරජාණෙනි, කර්මක්‍ෂය කළා වූ භාග්‍යවතුන් වහන්සේ සියලුම අකුසල කර්මයන්
නසා, සර්වඥතා ඥානයට පැමිණි සේකැයි කියා අප කී මේ කාරණාව මෙ පරිද්දෙන්ම
සිත්හි දරා ගනුවයි වදාළ සේක. අති ප‍්‍රසන්න වූ මිළිඳු මහරජාණෝ නුඹ
වහන්සේ වදාළ මේ කාරණාව මෙ පරිද්දෙන්ම මමත් පිළිගත්තෙමියි කීහ”
සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව කිසිවක් දුකක් හෝ සැපක් වශයෙන් නොගත්
සේක.
ජීවත් වූ වසර හතළිස් පහක කාලය තුළ ගත කළ ජීවිතය කෙබඳු ජීවිතයක් දැයි
දැන ගැනීමට ෙද්‍රීණ බමුණාට බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපමාවම
ප‍්‍රමාණවත් ය.
“බ‍්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් දියෙහි ඉපිද, දියෙහි වැඩි, දියෙන්
ඉස්මතු වී දියෙහි නො ගෑවී තිබෙන්නා මෙන්, මමත් ලෝකයේ මිනිසුන් අතර
ඉපිද, ලෝකයෙහි මිනිසුන් අතර වැඩි ලෝකයාගෙන් මිනිසුන් ගෙන් ඉස්මතු වී,
ලෝකයා සමග නොගැටී නොගෑවී නොබැඳී සිටිමි. ඒ නිසා බමුණ මම මිනිස්
දුර්වලකම් සියල්ලම නැති කළ උත්තර මනුෂ්‍යයෙක්මි. කොටින් ම කියතොත් මම
බුදුවරයෙක්මි. මා හැඳින්විය යුතු හොඳම නම “බුද්ධ” යනුයි. “බුද්ධොති මං
බ‍්‍රාහ්මණ ධාරෙහි”
එසේ හෙයින්, සාමාන්‍ය මිනිසුන් ගණයෙහි ලා බුද්ධාදී ආර්ය උත්තමයින්
පිළිබඳව හැඳින්වීමට යාමෙන් බුදුන් වහන්සේත් දුක් සැප වින්ද බව සමහරුන්
තුළ පිළිගැනීමක් තිබේ. මීට හේතුව බුදුන් වහන්සේ මනෝ විද්‍යාත්මකව දේශනා
කළ ධර්මය අද දවසේ එය කායික වශයෙන් දේශනා කිරීමට හරවා ගැනීමයි. මෙම
ප‍්‍රස්තුතය ගැන විවරණයක් කර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න මහතාගේ
අදහස ගැන ද විමසා බැලීම ධර්මය තේරුම් ගැනීමට පහසු වනවා ඇත. ජාති, ජරා,
මරණ පිළිබඳව කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මකව විමසා බැලීමේ දී
යථාර්ථය අවබෝධ කර ගැනීමට පුළුවන.
“ ජාති යනු මව්කුසින් ඉපදීම බව පැවසේ. ඉපදීම යනු මේ කියන කායික
උප්පත්තිය නම්, උපන් දරුවා තමන් උපන් බව දුකක් වශයෙන් සලකන්නේද? ඒ බව
දැන ගැනීමට දරුවාගේ සිත කියවූයේ කව්ද? ඉපදීම දුකක් යැයි අවබෝධයෙන් තොරව
සටන් පාඨයක් වශයෙන් මැතිරීමේ යහපත කුමක්ද? ඉපදීම යනුවෙන් බුදුන් අදහස්
කළේ මමත්වයේ උපත බව, උපාදාන ස්කන්ධපංචකයේ උපත බව පැහැදිලි කළ යුතු ය. ඒ
අනුව ජාති යනු කායික උපත නොව මනසෙහි අවිද්‍යාව මුල්කොට හටගන්නා
විපරීතයක් බව අමුතුවෙන් නොකිව මනා ය. ජරා යනු මහළු බව පවසන වචනයක් බව
බණ කියන උතුමෝ පවසති. ජරා යනු මහළු බව යැයි පාලි සූත‍්‍ර ඇසුරින් පොත
පත ලියන පඬිවරු පවසති. පාලි සූත‍්‍ර ගැඹූරින් විචාරක්‍ෂියට ලක්කර සලකා
බලන කළ ජරා යන්නෙන් බුදුන් අපේක්‍ෂා කළ තේරුම විනිශ්චය කරලීම එතරම්
අපහසු නැත. මහළු බව දුකක් යැයි පළ කළ බුදුන් ද මහළු බවට පත්වූයේ නැද්ද?
බුදුන්ගේ මහළු කය බුදුන් විසින්ම පරණ බර කරත්තයකට සමාන කළේ නැද්ද?
සූත‍්‍ර වල එන සාක්‍ෂි අනුවම මහළු බව නිසා, කායික දුර්වලකම් නිසා, මහළු
බුදුන්ගේ මහළු කය ඉදිරියට නෙරා ගිය ගතියක් පෑවේ නැද්ද? බුදුන්ගේ කය
කුණු කයක් වශයෙන් බුදුන් විසින්ම හඳුන්වා නුදුන්නේද? මේ අනුව මහළු බව
දුකක් නම් බුදුන් ජීවත් වූයේත්, පිරිණිවන් වූයේත් දුකින් යැයි කිව
නොහැකි ද?
සත්‍ය මීට හාත්පසින්ම වෙනස් ය. ජරා යනුවෙන් බුදුන් නම් කළ යුක කායික
වශයෙන් ගැනීමට සමහර අනුගාමිකයින් විසින් අවබෝධ කොට ගත් අයුරු ය. ජරා
යන්නෙන් බුදුරදුන් අදහස් කළේ කායික සිද්ධියක් නොවේ. ජරා යන්නෙන්
බුදුරදුන් පළ කළේ මනසෙහි ඇතිවන විපරිතයකි. වැරදි ඇගයුම් කරණයෙකි. නාම
ධර්මයන්ගේ හෝ රූප ධර්මයන්ගේ නිරන්තර වෙනස්වීම බුදුන්ට නතර කළ නොහැක.
බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි කි‍්‍රයාත්මක වන
සාපේක්‍ෂතාව එකින් එක හැපෙමින් පැවතීම ස්වභාව ලෝකයේ ලක්‍ෂණයකි. ජරා
යනුවෙන් අවබෝධ කටයුත්තේ මමත්වය නිසා නාම රූප ධර්මයන් අරඹයා මනසෙහි
නිරන්තරව හටගන්නා පරිහානියයි. මරණය යනුවෙන් බුදුරදුන් පළ කළේ කායික
වශයෙන් අර්ථවත් වන පණ යෑම නොවේ. කය බිඳීම බුදුරදුන්ට ද සිදුවිය. මමත්වය
නිසා ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ඇති වන විනාශයත් අවසානයේ දී මමත්වයට බාධක
වූ උපාදාන ස්කන්ධ පංචකය බිඳ වැටීමත් මමත්වය ආත්ම කොට ගත් පුද්ගලයාට
දුකක් වේ.
මේ කියන ලද ජාති, ජරා, මරණ යන දුක්, උපාදානය බැහැර කළ බුද්ධාදී
උත්මයන්ට නැත. බුදුරදුන් මේ දුක බැහැර කළේ බුදු වූ අවස්ථාවේ දී ය. බුදු
බව ලැබූ අවස්ථාවේ සිට අසූවියේ දී කය බිඳී යනතුරු බුදුරදුන්ට මමත්වයේ
උපතක් නොවී ය. ජීවිතය අර්ථවත් කරගත හැක්කේ මමත්වය බැහැර කිරීමෙනි.
මේ තුන් සිද්ධිය නිරතුරුව පෘථග්ජන සංතානයෙ හි කි‍්‍රයාකාරී වන බැවින්,
පුද්ගලයා යව් දිව් වශයෙන් දුක් දොම්නස් උපායාස ස්වරූපයෙන් අනේක විධ
අනුභූති ලබයි. මේ කි‍්‍රයාකාරීත්වය ප‍්‍රතීත්‍ය සමුත්පාද ධර්මයෙන්
නිර්දේශ කොට ඇත. ප‍්‍රතීත්‍ය සමුත්පාදය එකවර කි‍්‍රයාත්මක වන සංකීර්ණ
කි‍්‍රයා සන්තතියකි. එහෙත් ජාති, ජරා, මරණ යන ශබ්ද කායික වශයෙන්
විනිශ්චය කළ අනුගාමිකයන් ද්වදශාංග ප‍්‍රතීත්‍ය සමුත්පාදය අතීත වර්තමාන
අනාගත වශයෙන් කාලත‍්‍රයකට බෙදා දක්වා ඒ ධර්මය අතිශයින් විකෘත බවට පෙරළා
ගෙන ඇත. ප‍්‍රතීත්‍ය සමුත්පාදය පිළිබඳ සාම්ප‍්‍රදායික විවරණය අද දවසේ
අර්ථශූන්‍ය පදමාලාවක් බවට පත්ව ඇත. එය අද ආධානග‍්‍රාහී දෘෂ්ඨි
පරාමර්ශයේ හේතුවක් බවට පත් වී ඇත (මහාචාර්ය, ඩබ්ලිව්. එස්. කරුණාරත්න
බෞද්ධ දර්ශනය හා චරණය)
බුදුරජාණන් වහන්සේට විපාක විඳීමට හේතු වූවා යයි කියන අතීත අකුසල කර්ම
නමින් හඳුන්වන්නේ, නිර්මාණය කරන ලද සාවද්‍ය තොරතුරු ය. සියලු දුක්
නිරෝධ කිරීමෙන් පසුත් දුක් විපාක විඳීමට සිදුවූවා නම් දුක්ඛ නිරෝධ ආර්ය
සත්‍යය, සත්‍යයක් නොවේ ය. කුසල අකුසල සියලු කර්ම ක්‍ෂය කිරීමෙන්
සම්බුද්ධත්වයට පත්වූවා නම් විපාක විඳීමට කර්ම කිසිවක් ඉතිරි නැත.
මමත්වයනේ මිදුන නිසා විපාක විඳීමට පුද්ගල සංකල්පයක් ද නොමැත. සැබෑ
බුදුරදුන් කව්දැයි හඳුනා ගැනීම තුළින් මේ ප‍්‍රශ්නයට විසඳුම තමාටම ලබා
ගත හැකි ය.
සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව පන්සාලිස් වසක් ජීවත් වූ බුදුරදුන්
මාරයාගේ ආරාධනාව පිළිගෙන අසූවැනි වියේ දී පිරිනිවන් පෑ බවට මහා
පරිනිර්වාණ සූත‍්‍රයේ තිබෙන පරිනිර්වාණයත්, චූල සච්චක සූත‍්‍රයේ
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිනිර්වාණයත් සස¼දා බැලීමේ දී පරිනිර්වාණය
යනු බුදුරදුන්ගේ අසූවියේ දී කය බිඳීමද නැතහොත් වයස අවුරුදු තිස්පහේ දී
නිවන සම්පූර්ණ වීමද යනුවෙන් පැහැදිලි කර ගැනීමට චූල සච්චක සූත‍්‍රය ගැන
විමසා බලමු.
“චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් භාග්‍යවතුන් වහන්සේ සෙස්සන්ගේ අවබෝධය
සඳහා සෙස්සන්ට ද චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක. ඉන්ද්‍රියන් දමනය කරගත්
භාග්‍යවතුන් වහන්සේ සෙස්සන්ගේ ද ඉන්ද්‍රියන් දමනය කරවීම පිණිස ධර්මය
දේශනා කළ සේක.ශාන්ත වූ භගවත්හු සෙස්සන්ගේ ශාන්තිය පිණිස ධර්මය දේශනා කළ
සේක. සසර තරණය කළ භාග්‍යවතුන් වහන්සේ සෙස්සන්ව ද සසරින් එතෙර කරවීම
පිණිස ධර්මය දේශනා කළ සේක. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං
දෙසෙති. පිරිනිවන් පෑ වදාළ බුදුරජාණන් වහන්සේ සෙස්සන්ගේ ද, පිරිනිවීම
පිණිස ධර්මය දේශනා කළ සේක” ලොවට බුදු කෙනකු පහළ වන්නේ මෙම කරුණු පහ ඉටු
කිරීමට ය. (චූල සච්චක සූත‍්‍රය)
යථොක්ත දේශනාව අනුව ඉතාමත් පැහැදිලි ලෙස අර්ථවත් වන්නේ පිරිනිවන
සිදුවුනේ වයස අවුරුදු තිස්පහේදී බවය.
පිරිනිවන යනු නිවන සම්පූර්ණ වීමයි. මජ්ම නිකායේ චූල සච්චක සූත‍්‍රයේ
පාලි භාෂාවෙන් නොමැති කෙලෙස් පරිනිර්වාණයක් සිංහල පරිවර්තනයේ දී යොදා
ඇත. පාලි භාෂාවෙන් ඇත්තේ පරිනිර්වාණය යනුවෙන් පමණි.
බුදු සිරිත අලංකාර වාදයෙන් වර්ණනා කිරීම පිණිස අනුපාදිසේස පරිනිර්වාණය
හා නිරුපාදිසේස පරිනිර්වාණය යනුවෙන් දෙවතාවක් පිරිනිවන් පා ඇති බව මහා
පරිනිර්වාණ සූත‍්‍රයේ දක්වා තිබේ.
නිවන සම්පූර්ණ වීමෙන් පසුව නිෂ්පුද්ගල තත්වයට පත් වූයේ මමත්වයෙන්
මිදුනු හෙයිනි. බුදුවන අවස්ථාවේ දී පංචඋපාදානස්කන්ධය නිරෝධ කළ බුදු
උතුමාට නැවත උපතක් නොමැති හෙයින්, අවසානයේ දී එතුමා කය අතහැරිය සේක. එය
පිරිනිවන් පෑමක් නොවන බව පැහැදිලි ලෙසම නිර්දිෂ්ට වන්නේ තථාගත දේහය අසල
වැඩ සිටි අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාළ ගාථාවෙනි.
“නාහු අස්සාස පස්සාසො ඨිතචිත්තස්සතාදිනො අනෙජො සනතිමාරබහ යං කාලමකරී
මුනී”
මෙයින් අදහස් වන්නේ මුනින්ද්‍රයන් වහන්සේ කාලකි‍්‍රයා කළ බවයි.
පිරිනිවන් පෑවේ (නිවන සම්පූර්ණ වූයේ) වයස අවුරුදු තිස්පහේදී ය. බෞද්ධයා
තම ශාස්තෘවරයාණන් පිළිබඳව නිවැරදි අවබෝධයක් පළමු කොට ඇති කරගත යුතු ය.
අමූලිකාදී ශ‍්‍රද්ධාව මඟින් ආර්ය මාර්ගයට පිවිසිය නොහැක. ශ‍්‍රද්ධාව
තිබිය යුත්තේ සත්‍යාවබෝධය පිණිස ය. බුදු දහම ඇදහීමට නොව සිතීමට උගන්වන
දහමකි.
බුදු දහම ප‍්‍රඥාවන්තයින් සඳහා මිස මෝඩයින් සඳහා නොවේ. |