Print this Article


පොකුණුගල පුරාණ විහාරය

පොකුණුගල පුරාණ විහාරය

පොකුණුගල පුරාණ විහාරයේ වාර්ෂික මහා කඨින පින්කම (24) සහ (25) යන දිනයන්හි දී විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්විණි.

විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත කලවැල් ආරගම කස්සප නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක සභාව මෙම පින්කම සංවිධානය කර තිබිණි. විසිහතරවෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින අලුයම කඨින චීවරය රැගත් පෙරහර පාලාරුවේ සිට විහාරස්ථානයට වැඩම කරන ලදී. කඨින චීවර පූජාව සිදුකර ස්වාමීන් වහන්සේලා තිස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරි නැමිණි.