සීදුවේ සුමනවංශ නාහිමි
ජන්ම දින පින්කම්
සීදුවේ සුමනවංස නාහිමියන්ගේ ජන්ම දිනය ඔක්තෝබර් මස 06 වැනි දිනට යෙදී ඇත. ඒ
නිමිත්තෙන් ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව මෙම 05 සහ 06 යන දිනයන්හි
මහනුවර දී පැවැත්වීමට කටයුතු සලසා ඇත. 05 ප.ව. 4.30ට මහනුවර ශ්‍රී නාථ දේවාල
විහාරස්ථානයේ දී විශේෂ ආශීර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම්
මාලාව රාත්‍රී 7.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ටපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා
පසුදින අලුයම 6.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, 06 දා පෙ.ව. 10.00 ට ශ්‍රී දළදා වහන්සේ
උදෙසා මුරුතැන් බුද්ධ පූජාව පෙ.ව. 11.00 ට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන්
වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය 100ක් නමක් විෂයයෙහි අටපිරිකර 100ක්
සහිත සෙසු පිරිකර සමඟින් දහවල් සඟසතු මහා දානමය පින්කම පැවැත්වේ.
|