රැගෙන යා හැකිද කිසිවක්......

නොකා නොබී දුක් විඳලා
රැක ගත්තා දෙමාපියන්
මුළු සේසත පණ වාගේ
දරුවන් උදෙසා
නිසි වයසෙදි දරුවන්හට
සිල්ප සතර දී
හිස රැඳි බර බිම තැබුවා
උරුම බෙදා දී
දෙමාපියෝ කඳුළු සලති
වැඩිහිටි නිවසේ
දේපළ දුන් දරු මුනුබුරු
උසාවි ගානේ
තණ්හාවට ආශාවට
වසඟ මිනිස්සු
ලොව කිසිවක් රැගෙන ගියේ
නැත මළ විට දී
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |