Print this Article


ඉපැරැණි සිතුවමින් අලංකෘත ඉහළකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය

ඉපැරැණි සිතුවමින් අලංකෘත ඉහළකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය

දක්ෂිණ ලංකාවේ ගාලු ගඟබඩපත්තුවේ කීඹිය නම් සොඳුරු ගම්මානයේ ඉහළ කීඹිය නම් මනරම් පෙදෙසේ ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය දැකගත හැකි ය. ක්ෂේත්‍ර යනු සංස්කෘත භාෂාවෙන් කුඹුරට කියන නමකි. කුඹුරු යායකින් වට වී ඇති හෙයින් ක්ෂේත්‍රාරාමය යැයි කියනු ඇත.

මෙම විහාරස්ථානය දකුණු පළාතේ ඉපැරැණි විහාරස්ථාන අතරින් එකකි. මෙම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය නුවර යුගයට අයත් වේ. බුද්ධ මන්දිරයේ අඳින ලද චිත්‍ර රේඛා චිත්‍ර වේ. මෙම රේඛා චිත්‍ර අදටත් දැකගත හැකි ය. එම නිසා ම මෙම විහාර මන්දිරය පුරාවිද්‍යා වටිනාකමින් යුතු පින්බිමක් බවට පත්ව ඇත.

විහාරස්ථ බුද්ධ මන්දිරයට ඇතුළු වන මකර තොරණ මත සංස්කෘත ශ්ලෝකයක් ද ලියා ඇත.. එම ශ්ලෝකය ප්‍රබන්ධ කොට ඇත්තේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය ධුරන්ධර මාලිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙනේ පරිවේණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ව වැඩ විසූ අති ගෞරවනීය බද්දේගම ශ්‍රී පියරතනාභිධාන මහා ස්ථවිරපාදයාණෝ වෙති.

ශී‍්‍ර ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය ඉතා වැදගත් විහාර භූමියකි. පැරැණි චිත්‍ර මූර්තිවලින් සමන්විත විහාර මන්දිරය අදටත් පවතී. මෙම විහාර භූමිය ආරක්ෂා කර ගනිමින් වැඩ වෙසෙන මහ සඟරුවන ද පැසසිය යුතුවේ.