Print this Article


වෙනස්වීමේ වෙනස

වෙනස්වීමේ වෙනස

බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට හිතන්න කියලා. මට විතරක් නෙවෙයි මේ ලෝකේ ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක් එන්නේ. සෑම කෙනාට ම මේවාට මුහුණ දෙන්නට සිදුවෙනවා. මා වෙත පැමිණෙන ලාභය නිත්‍ය නෑ. සුඛ නෑ. සුබ නෑ. ආත්ම නෑ.

අලාභයත් නිත්‍ය නෑ. වෙනස් වෙනවා. ලාභය ද, අලාභය ද දෙකම අනිත්‍ය ධර්ම. සංකත ධර්ම. විපරිනාම ධර්ම.

මට මේ වෙලාවේ තියෙන පාඩුව, මේ දුක, මේ විරහව, මේ වේදනාව අනිත්‍ය දෙයක්. නිත්‍ය දෙයක් නොවෙයි. ඒකාන්තයෙන් මේ ස්වභාවය වෙනස් වෙලා යනවා.

අපි සිතමු, තමන්ගේ සිතට බරපතළ මට්ටමේ වේදනාවක් ඇවිත් තියෙනවා. දරාගන්න බෑ. මෙතැනදී කල්පනා කරන්න ඕනෑ. මේ දරා ගන්න බැරි මට්ටමේ වේදනාව වුණත් තව සතියක් ගියාට පස්සේ වෙනස් වෙනවා. සමහර අයට උපරිමයෙන් සතියක් පමණ යන විට මේ වේදනාව පරිපූර්ණ ආකාරයෙන් වෙනස් වෙනවා. මේ විදිහටයි හිත හදා ගන්නවා නම් හදාගන්න තියෙන්නේ. වෙන කිසිම උත්තරයක් මේ ලෝකේ නෑ.