Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 06.30 සීල සමාදානය ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 06.30 - 07.00 බුද්ධ පූජාව ශාස්ත්‍රපති, මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 08.00 - 9.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි , 09.00 -10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති. කන්දේගෙදර සෝභිත හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 -11.30 දිවා බුද්ධ පූජාව, ඇතිමලේ සීලානන්ද හිමි, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කරම්බන්කුලමේ සිරිධම්ම හිමි, 04.00 -5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අඹේපුස්සේ අමරජෝති හිමි, 05.00 -06.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 06.00 -7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි.

දෙහිවල ගල් විහාරය

පෙ.ව. 6.15ට කිරිපිඬු පූජා පෙරහර, අටසිල් සමාදන් කරවීම හා බුද්ධ වන්දනාව නව පොලොන්නරුව, ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමි, ධර්මානුශාසනාව 8.15 ඇත්බටුවේ ධම්මසිරි හිමි, 9.45 සක්මන් භාවනාව හා දහවල් සම්බුද්ධ පූජාව මිද්දෙණියේ සුමංගල හිමි, පස්වරු 12.30 පිරිත් සූත්‍ර දේශනාව වැල්ලවායේ සුමනරතන හිමි. 1.15 ධර්මානුශාසනාව එල්ලාවල තිලකවංස හිමි, 2.30 ආසිරිගම පඤ්ඤානන්ද හිමි. 4.00 යටිගල පඤ්ඤාසාර නාහිමි. 6.30 අටවිසි සම්බුද්ධ පූජාව.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 -11.00 ධර්ම දේශනාව, 11.00 -11.30 තෙරුවන් වන්දනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය නාගොඩ සද්ධාලෝක හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව වඳුරඹ සංඝානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය තල්පත්කන්දේ සිරිනන්ද හිමි

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පෙ.ව. 06.00 -7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කීඹිඇළ කස්සප නාහිමි, 08.00 - 9.00 භාවනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 09.00 -10.00 ධර්ම දේශනය ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමි, 10.00 -11.00 දහම් දෙසුම රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි, 11.00 -11.15 බුද්ධ පූජාව කන්තලේ කෝලිත හිමි, පමුණුවිල නන්දවිමල හිමි. පස්වරු 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ පිනවල ඥානාලෝක හිමි, නිකවලටියේ සුඛිත හිමි 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි හිමි, 02.00 - 03.00 ධර්ම දේශනය බටුවත්තේ ධම්මානන්ද හිමි, 03.00 - 03.45 ධම්ම පදය, කොබෙයිගනේ ධම්මදස්සී හිමි, 04.00 - 5.00 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 05.00 - 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි.

කොළඹ සම්බෝධි විහාරය

පෙ.ව. 5.30 - 7.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව සහ අනුශාසනාව බොරලන්දේ වජිරඤාන නා හිමි,7.30 - 9.30 ධර්ම දේශනාව මාතර මහින්ද හිමි, 9.30 - 10.30 සංගායනා සාකච්ඡාව බොරලන්දේ වජිරඤාන නා හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ, 10.30 -11.30 වෑංජන 108 සහිත සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 ධම්මානුපස්සනා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, ප.ව. 2.00 - 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, ප.ව. 3.30 - 4.30 ධර්ම දේශනාව මීගමවත්තේ විමලජෝති හිමි, 4.30 - 5.30 සූත්‍ර දේශනාව මඩිහේ සුගතසිරි හිමි, ප.ව. 5.30 - 6.30 ඖෂධ 108 සහිත පූජාව, සිල් පවාරණය හාපිටිගම විජිත හිමි.