Print this Article


බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමි ජන්ම දින සැමරුම

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමි ජන්ම දින සැමරුම

අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මා හිමිපාණන් වහන්සේගේ 129 වැනි ජන්ම දින සහ ගුණානුස්මරණ සැමරුම් උලෙළ සැප්තැම්බර් මස 06 වැනි සෙනසුරාදා සවස 03.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක මාහිමිපාණන් වහන්සේ මුලසුන හෙබවූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ විසින් විශේෂ දේශනය පවත්වනු ලැබුණි.